පොදුරාජ්‍ය මණ්ඩලයීය රග්බි තරගාවලියේදී – ශ්‍රී ලංකාව ‘ඒ’ කාණ්ඩයෙන් තරග බිමට

152

රටවල් 16 ක සහභාගිත්වයෙන් එංගලන්තයේ බර්මින්හැම් නගරයේ කවෙන්ටී ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක කෙරෙන මෙවර පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ පිරිමි රග්බි පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබා සිටින ශ්‍රී ලංකාවේ ජාතික කණ්ඩායම ‘ඒ’ කාණ්ඩය යටතේ මූලික වටයට තරග වදිති.

මෙවර සත් සාමාජික තරගාවලියේ මූලික වටයේ තරග කාණ්ඩ 04 ක් යටතේ ලීග් ක්‍රමයට ජූලි මස 29 සහ 30 යන දිනවල දී පැවැත්වෙන අතර අවසන් පූර්ව වටයේ තරග සහ තීරණාත්මක අවසන් මහා තරගය 31 දින ක්‍රියාත්මක කිරීමට සංවිධායකයන් වන පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා රග්බී පාපන්දු කමිටුව තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා ජාතික සත් සාමාජික කණ්ඩායම එක්ව සිටින ‘ඒ’ කාණ්ඩය යටතේ නවසීලන්තය, සැමෝවා දේශය සහ තරග වැදීමට නියමිතය.

‘ඒ’ කාණ්ඩය

නවසීලන්තය, එංගලන්තය, සැමෝවා දේශය සහ ශ්‍රී ලංකාව.

‘බී’ කාණ්ඩය

දකුණු අප්‍රිකාව, ටොංගා දේශය, මැලේසියාව සහ ස්කොට්ලන්තය.

‘සී’ කාණ්ඩය

ෆීජී, කැනඩාව, වේල්ස් සහ කැනඩාව.

‘ඩී’ කාණ්ඩය

ඔස්ටේ්‍රලියාව, කෙන්යාව, උගන්ඩාව සහ ජැමෙයිකාව.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment