පකිස්තාන මැතිවරණයේ අලුත් ප්‍රතිඵල

7569

පාකිස්තාන මහ මැතිවරණයේ මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵලවලට අනුව පැහැදිලි රජයක් පිහිටුවීමට කිසිදු පක්ෂයක හැකියාව ලැබී නැතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.රජයක් පිහිටුවීම සඳහා අවශ්‍ය පාර්ලිමේන්තුවේ බහුතරය වන ආසන 169 ලබා ගැනීමට කිසිඳු දේශපාලන පක්ෂයකට මේ වන විට අවස්ථාවක් ලැබී නැත.ඒ හේතුවෙන් මේ වනවිට රජයක් පිහිටුවීම සඳහා සන්ධානගත වීමට සිදුව ඇතැයි ද එම වාර්තා සඳහන් කරයි.දැනට පිටවී ඇති ඡන්ද ප්‍රතිපලවලට අනුව පකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ තරීක් ඊ ඉන්සාෆ් පක්ෂයට සම්බන්ධ ස්වාධීන අපේක්ෂකයන් ආසන 99 ක් ලබා ගෙන තිබේ.නවාස් ෂරීෆ්ගේ පාකිස්තාන මුස්ලිම් ලීගය (එන්) පක්ෂය ආසන 75 ක් මේ දක්වා දිනා ඇති අතර පාකිස්තාන ජනතා පක්ෂය ආසන 66 ක් දිනා ඇත.තවත් ආසන 15 ක ඡන්ද ප්‍රථිපල ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment