පිරිහුණු රුපියල ඊයේ යළි ඉහළට

4564

පසුගිය දිනවල පිරිහීමට ලක් වූ රුපියල ඊයේ (04) දිනයේදී සැලකිය යුතු ලෙස යළි ශක්තිමත් වෙමින් ඇමෙරිකානු ඩොලරයකට ගෙවිය යුතු රුපියල් අගය රු. 3.70 කින් අඩුවිය.

ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ නිකුත් කළ නවතම විනිමය අනුපාත අගයන් අනුව පෙරේදා (03) වාර්තාවූ ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය වූ රු. 334.20 ක අගය ඊයේ රු. 330.50 දක්වා අඩු විය. එසේම පෙරේදා (03) ඇමෙරිකානු ඩොලරයක රු. 316.75 ක් වූ ගැනුම් අගය ඊයේ (04) රු. 313.37 ක් දක්වා අඩු වී ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment