නොතීසියට එරෙහිව මෛත්‍රී උසාවි යයි

155

පාස්කු නඩුවක සැකකරුවකු ලෙස තමාව නම් කර කොටුව මහෙස්ත්‍රාත්වරයා විසින් අධිකරණයට කැඳවමින් නිකුත් කර ඇති නොතීසි නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වන රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (30 දා) අභියාචනාධිකරණයට රීට් ආඥා පෙත්සමක් ගොනු කළේය.

මුස්ලිම් අන්තවාදීන් විසින් 2019 අප්‍රේල් 21 වැනිදා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබු වින්දිතයකු හා සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමා ගොනු කළ පෞද්ගලික පැමිණිල්ලක් සලකා බැලු කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ලබන 14 වැනිදා නොතීසි නිකුත් කර ඇති බව පෙත්සම්කාර හිටපු ජනාධිපතිවරයා අභියාචනාධිකරණයට කියා තිබිණි.

පාස්කු ප්‍රහාර මාලාවට තමාගේ කිසිදු සම්බ්න්ධතාවක් නොතිබියදීත් එලෙස ගොනු කළ පෞද්ගලික නඩුවක සැකකරුවෙක් ලෙස නම් කර අධිකරණයට කැඳවීම යුක්ති සහගත නොවන කරුණක් මෙන්ම ස්වභාව යුක්තිධර්මයට පටහැනි ක්‍රියාවක් වන්නේ යැයිද කියමින් ගොනුකර තිබු එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ ලේඛකාධිකාරිවරිය නම් කර ඇත.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment