අයිසිස් ගෑවුණු එන්. ජී. ඕග පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ දැයි විමර්ශන

165

අයිසිස් සංවිධානයට සම්බන්ධ විදෙස් රාජ්‍ය නොවන සංවිධානයක් පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ වූයේ ද යන්න  ගැන රජය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.

අයි එස් එස් නමින් හඳුන්වන මෙම සංවිධානයට සම්බන්ධ ක‍්‍රියාකාරීන් ශ‍්‍රී ලංකාවේ සිටින බවට හෙළිවී තිබේ.

ඔස්ටේ‍්‍රලියානු පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අහ්මද් තාලිබ් නමැත්තාද පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ බවට ශ‍්‍රී ලංකා පොලිසියට හෙළිවී ඇති අතර ඔහු අයි එස් එස් සංවිධානයට සම්බන්ධ වූවකු බවට අනාවරණය වී ඇත.

තුර්කියට සම්බන්ධ අයි එස් එස් සංවිධානය පුත්තලම සහ නැගෙනහිර පළාත තුළ ක‍්‍රියාත්මක වී තිබුණි.

කීර්ති වර්ණකුලසූරිය
 

advertistmentadvertistment
advertistmentadvertistment