ජපානයේ 20,000 ක් සුළි කුණාටුවෙන් අතරමං

231

දකුණුදිග ජපානයට හමා ආ සුළි කුණාටුවක් හේතුවෙන් ඔකිනාවා දූපත් වැසියන් විශාල පිරිසක් නිවෙස්වලින් ඉවත් කර ඇති අතර දූපතේ පිහිටි නිවාසවලින් තුනෙන් එකක විදුලිය ඇන හිට ඇති බව වාර්තා වේ. “කානුන්” නමැති මෙම සුළි කුණාටුව හේතුවෙන් ඔකිනාවා දූපත් වැසියන් 20,000 ක් පමණ දෙනා නිවෙස්වලින් ඉවත් කර ආරක්ෂිත ස්ථාන කරා ගෙන ගොස් තිබූ අතර දූපතේ පිහිටි නාහා ගුවන් තොටුපළේ සිට ගුවන්ගත කිරීමට නියමිතව තිබූ ගුවන් ගමන් 900ක් අවලංගු කර තිබේ.

මෙම සුළි කුණාටුව පසුගියදා චීනයට කඩා වැදුනු අවස්ථාවේදී පුද්ගලයන් 34 දෙනකු මිය ගොස් තිබූ අතර ශතවර්ෂයකට පමණ පසු චීනයට ඇදහැලුනු දරුණුම වර්ෂාපතනය ඇති වීමටද එය මුල් විය. සති කිහිපයක් තුළ නැගෙනහිර ආසියාවට කඩා වැදුනු තුන්වැනි සුළි කුණාටුව කානුන් වන අතර ගෝලීය උණුසුමෙහි ප්‍රතිඵලයක් වශයෙන් මෙවැනි සුළි කුණාටු ඉදිරියේදීද ඇති වනු ඇති බව විද්වත්හු පවසති.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment