ආසියානු යොවුන් ශූරතා මලල ක‍්‍රීඩා තරගාවලිය – 2004 වසරේ උපන් අයටද වරම්

155

ආසියානු යොවුන් ශූරතා මලල ක‍්‍රීඩා තරගාවලියට සහභාගී කරවන ශ‍්‍රී ලංකා යොවුන් කණ්ඩායම තෝරා ගැනීමේ අවසන් පරීක්ෂණය 2022 ජනවාරි මස 23 සහ 24 යන දෙදින කොළඹ සුගතදාස ක‍්‍රීඩාංගනයේදී පැවැත්වීමට ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා සම්මේලනය පියවර ගෙන තිබේ.

මෙම අවසාන පරික්ෂණය 2022 පෙබරවාරි මස 13 සහ 14 දෙදින කොළඹ සුගතදාස ක‍්‍රීඩාංගනයේදී පැවැත්වීමට කලින් සැලසුම් කර තිබුණි.

2004 වසර තුළ උපත ලබා ඇති ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් හට ද සහභාගි විය හැකි වන පරිදි මෙවර ආසියානු යොවුන් ශූරතා මලල ක‍්‍රීඩා තරගාවලිය පැවැත්වීමට සංවිධායකයින් වන ආසියානු මලල ක‍්‍රීඩා සම්මේලනය තීරණය කර තිබීම විශේෂත්වයකි.

ඒ අනුව ජනවාරි 23 සහ 24 පැවැත්වෙන අවසන් තෝරා ගැනීමේ පරීක්ෂණය සඳහා එක් වන ලෙස 2004 වසරේ උපත ලබා ඇති මෙරට යොවුන් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගෙන්ද ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා සම්මේලනය ඉල්ලා සිටී. පළමු පරීක්ෂණය සඳහා කැඳවා තිබුණු 2005 සහ 2006 වර්ෂවල උපත ලබා ඇති ක‍්‍රීඩකයින් ද මේ සඳහා සහභාගි වීමට නියමිතය.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment