දේශීය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් උදෙසා කාගිල්ස් ගමෙන් ගෙදරට 20 වැනි වැඩසටහන

55

Cargills විසින් සංවිධානය කරනු ලබන ‘ගමෙන් ගෙදරට‘ වැඩසටහනේ 20 වන පියවර ඉකුත් ජූලි 29 සහ 30 යන දිනයන් හි සුළු හා මධ්‍ය පරිමණ ව්‍යවසායකයන් 22 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ලදී. Covid-19 වසංගතයෙන් දැඩි ලෙස බලපෑමට ලක් වූ සහ තම පාරිභෝගික ප්‍රජාව වෙත ප්‍රවේශ වීමට නොහැකි වූ මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට (SMEs) අත්‍යවශ්‍ය සහය ලබා දීම සඳහා Cargills 2020 දී තම ‘ගමෙන් ගෙදරට වැඩසටහන දියත් කරන ලදී. වසංගත තත්වය මේ වනවිට පහව ගොස් තිබුණද මෙම වැඩපිළිවෙළ අඛණ්ඩව පවත්වාගෙන ඒමේ ප්‍රතිඵලයක් ලෙස පසුගියදා ‘ගමෙන් ගෙදරට‘ 20 වන පියවර තබන ලදී. ඒ Cargills Foodcity – දෙල්කඳ 2 ශාඛාවේදිය.

මෙම වැඩසටහන ආරම්භයේ පටන් Cargills සමාගම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් 800 කට අධික සංඛ්‍යාවකට තමන්ගේ නිෂ්පාදන Cargills හි පුළුල් පාරිභෝගික ජනතාව වෙත එළිදැක්වීමට පුළුල් ඉඩක් සකසා දී තිබේ. මෙකී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මුහුණ දෙන දුෂ්කරතා අවමකරගැනීම සඳහා, Cargills මෙම ව්‍යවසායකයින්ට අමතර ආදායමක් උපයා ගැනීමට මෙන්ම, තම නිෂ්පාදන වෙළඳපොලට ගෙන ඒමට අවශ්‍ය දැනුම ද ලබා දී තිබේ එමෙන් ම Cargills ජාලය සතු Cargills Bank වෙතින් මෙකී ව්‍යවසායකයන්ට තම නිෂ්පාදනයන් ඉහළ නැංවීමට අදාල මූල්‍ය විසඳුම් ද ලබා දේ.

දේශීය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් උදෙසා කාගිල්ස් ගමෙන් ගෙදරට 20 වැනි වැඩසටහන

ඉන් පරිබාහිරව, මසකට වරක් ඔවුන්ට තම නිෂ්පාදන එළිදැක්වීමට Cargills සමාගම විසින් අවස්ථාව ලබා දෙනවා සේම එම වෙළඳ කුටි සම්පූර්ණයෙන් නඩත්තු වන්නේ Cargills හරහායි. මෙහිදී ව්‍යවසායකයන්ට කිසිදු අමතර වියදමක් රහිතව තම නිෂ්පාදන ජනතාව වෙත ඉදිරිපත් කිරීමට අවකාශය ලැබේ.

advertistmentadvertistment
advertistmentadvertistment