ශ්‍රී ලංකාව ආසියානු කුසලාන අවසාන මහා තරගයට

1641

ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු දෙකක තියුණු ජයක් ලබා ආසියානු කුසලාන අවසාන මහා තරග සඳහා අද සුදුසුකම් ලැබීය.ඩක්වත් ලුවිස් නියමයට අනුව ජයග්‍රහණය සදහා පකිස්ථානයට එරෙහිව ලකුණු 252ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දු වාර 42 අවසානයේ දී කඩුලු 08ක් දැවී ලකුණු 252ක් ලබා සිය ජයග්‍රහණය තහවුරු කර ගත්තේය. චරිත් අසලංක නොදැවී 49,කුසල් මෙන්ඩිස් 91,සධීර සමරවික්‍රම 48යි.පන්දු යැවීමේදී ඉෆ්ටික්හාර් අහමඩ් 50/3යි.

advertistmentadvertistment
advertistmentadvertistment