ජාතික රෝහල් සුළු සේවකයෝ දෙදෙනෙක් මත් කුඩු උරමින් සිටියදී දැලේ

393

කොළඹ ජාතික රෝහලේ සුළු සේවකයන් දෙදෙනකු මත් කුඩු උරමින් සිටියදීම බොරැල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් දෙදෙනා තදින්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් යැයි ද පවසන පොලිසිය ඔවුන් හෙරොයින් ජාවාරමට සම්බන්ධ ද යන්න පිළිබඳ සෙවීමට විමර්ශනයක් ආරම්භ කර ඇත.

මීට පෙරාතුව කොළඹ ජාතික රෝහලේ සුළු සේවිකාවක් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටියදී කටුනායක ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට පත්විය.

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා කොළඹ ජාතික රෝහලේ ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳ මුලින්ම හෙළි කළේය. එම හෙළිකිරීමෙන් පසු සුළු සේවකයෝ නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයාට එරෙහිව විරෝධතා පළ කරන්නට වූහ.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment