ජනපති හා IMF නියෝජිතයෝ අදත් සාකච්ඡා

105


පවතින මූල්‍ය අර්බුදයට විසඳුම් සෙවීමේ අරමුණින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර පැවැත්වෙන සාකච්ඡා වටයේ තවත් සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේ දී අද පස්වරුවේ පැවැත්විණි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සූම් තාක්ෂණය ඔස්සේ සාකච්ඡාවට එක් වූ අතර දෙපාර්ශ්වය ධනාත්මකව අදහස් හුවමාරු කර ගත්හ.
විදුලිබිල සංශෝධනය සුරාබදු පනත ඇතුළු භාණ්ඩාගාරය ආශ්‍රයෙන් මෙම සාකච්ඡා සඳහා අවශ්‍ය අතිරේක තොරතුරු ලබාදෙන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් කරන ලද ඉල්ලීමට අනුව එම තොරතුරු ලබන සඳුදා වන විට ලබාදීමට ද මෙහිදී එකඟතාව පළ කෙරිණි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය උපදේශකවරු සහ නීති උපදේශකවරු ද අද සාකච්ඡාවට එක්ව සිටී අතර මෙහි තවත් සාකච්ඡා වටයක් ලබන බදාදා පැවැත්වීමට තීරණය විය.

advertistmentadvertistment
advertistmentadvertistment