අගමැතිගෙන් දෝස්මුරයක්

217


බස්නාහිර පළාත කියන්නේ ලංකාවේ පෝසත්ම පළාත. පොහොසත්ම පළාතේ වරිපනම් අයකිරීම් නිසිපරිදි සිදුවෙන්නේ නැත්නම් අමාත්‍යංශයක් විදියට දෝෂාරෝපණ චෝදනා එල්ල වෙනවා යැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචනයට එක් වෙමිනි.
එහිදී අග්‍රාමාත්‍යවරයා මෙසේද කීවේය.බස්නාහිර පළාතේ ඝන අපද්‍රව්‍ය කළමණාකරණය හරියට කෙරෙන්නේ නැහැ කියලා ජනතාවගෙන් දැඩි විරෝධයක් තියෙනවා. විශේෂයෙන් ගම්පහ හා කොළඹ දිස්ත්‍රික්කවල අපද්‍රව්‍ය වැඩියි. බස්නාහිර පළාතේකුණු ප්‍රශ්නය සම්බන්ධයෙන් මෙගා පොලිස් සැලැස්මෙන් හදුනාගෙන තිබෙනවා. මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටුණා. තවමත් කුණු කසල කළමණාකරණයට නිසි පියවර අරන් නැහැ. හදිසි ගංවතුර තත්ත්වයක් ඇති වුණොත් මුළු කොළඹ දිස්ත්‍රික්කයේම යට වෙනවා. ගම්පහ යටවෙනවා. මේ වගේ දේ සම්බන්ධයෙන් මහජනයාගේ පැත්තෙන් සිතන්න. ‍

වසර කිහිපයක සිට තිබෙන සේවකයින් ස්ථීර කිරීමේ ගැටලුව ඉදිරි අයවැයෙන් විසඳන්න උත්සහ කරනවා. එහිදී පුමුඛත්වය දිය යුතු තැන් සම්බන්ධයෙන් තවමත් වාර්තාවක් නැහැ. කොළඹ දිස්ත්‍රික්කය තුළ වරිපනම් අයකිරිම් තවමත් නිසි පරිදි සිදු වෙන්නේ නැහැ.

advertistmentadvertistment
advertistmentadvertistment