පාස්කු ප්‍රහාර රහස් ගැන විපක්ෂ නායකගෙන් හෙළිදරව්වක්

531


පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිසමේ රහස් සැගවී ඇති දෙවැනි සහ තෙවැනි වෙළුම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද සගවා ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.ලබන සතියේ පාර්ලිමේන්තුවේ දී පාස්කු ප්‍රහාරය සම්බන්ධව පැවැත්වෙන දින දෙකක විවාදය සම්බන්ධයෙන් තමා එම වාර්තාව රජයෙන් ඉල්ලූ විට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අනුගමනය කළ අයුරින් එහි රහස් සගවා ඇති වෙළුම විපක්ෂ නායකවරයා ලෙස තමාටද ලබාගත නොහැකි ලෙස සගවා ඇතැයි ද සඳහන් කළේය.මෙසේ සැගවීමෙන් ප්‍රහාරයෙන් විපතට පත් ජනතාවට අසාධාරණයක් සිදුවන බවත් කීවේය.මින් තම පාර්ලිමේන්තු වරප්‍රසාද කඩවී ඇති බවත් මෙම සත්‍ය දැනගන්නේ චරිත ඝාතනයට නොව ජනතාවට හෙළිකිරීමට බවද විපක්ෂ නායකවරයා පැවසීය.ඒ මහතා මේ බව සඳහන් කළේ සක්වල පාසල් බස් රථ වැඩසටහන යටතේ අද කළුතර මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලයට බස් රථයක් ලබාදීමේ අවස්ථාවට එක්වෙමිනි.

advertistmentadvertistment
advertistmentadvertistment