ඉම්රාන් ඛාන් රෝහලේ සිට මාධ්‍ය අමතයි

196

පකිස්ථාන රජයට එරෙහිව පවත්වන විරෝධතා සදහා තමා යළි එක්වන බව පකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් මහතා පවසයි. ඉකුත් බ්‍රහස්පතින්දා පැවති විරෝධතා රැළියකට සහභාගී වෙමින් සිටියදී පාදයට වෙඩි ප්‍රහාරයකට ලක්ව තුවාල ලැබූ ඔහු රෝහලේ සිට පළමු වරට මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව සඳහන් කළේය. මෙම ප්‍රහාරය පිටුපස ඇමෙරිකාව සිටින බව ද ඔහු චෝදනා කළේය.වෙඩි ප්‍රහාරය වැදුණු ඉම්රාන් ඛාන්ගේ පාදයේ අස්ථියක් බිදී ඇති බව රෝහලේ වෛද්‍යවරු පවසති.තව දින කිහිපයකින් රෝහලින් පිටව යා හැකි බව ද සදහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment