රාජ්‍ය අමාත්‍ය ඩයනාගේ ඉල්ලීම ඉවතට

385


සමගි ජන බලවේගයේ සභාපති සජිත් ප්‍රේමදාස මහතා සහ එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාට එම ධුරවල කටයුතු කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය කළ ඉල්ලීම කොළඹ දිසා අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

සජිත් ප්‍රේමදාස මහතාට සහ රංජිත් මද්දුමබණ්ඩාර මහතාට එම ධුර දැරීමට නිත්‍යානුකූල හැකියාවක් නොමැති බවත් ඔවුන් එම ධුරවල කටයුතු කිරීම වැළැක්වීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලමින් ඩයනා ගමගේ මහත්මිය මෙම නඩුව ගොනුකර තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment