විද්‍යාපීඨවලට ගන්න අයැදුම් පත් කැඳවයි

113

2021-2022 අධ්‍යාපන වර්ෂයේ උසස් පෙළ විභාග ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ශික්ෂණලාභීන් ඇතුළත් කර ගැනීමට අදාළ අයදුම්පත් කැඳවන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව මීට අදාළ ගැසට් නිවේදනය අංක 2376 දරන 2024.03.15 වන සිකුරාදා ගැසට්පත්‍රයේ පළ කර තිබේ. මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ මේ සඳහා අයදුම්පත් ඉදිරිපත් කළ යුතු අතර අයදුම්පත් අතරින් සුදුස්සන් තෝරා ගැනීම ද මාර්ගගත ක්‍රමය ඔස්සේ ම මෙවර සිදු කරනු ලබයි.

මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ මේ සඳහා අයදුම් කළ හැකි අතර අයදුම් කිරීමේ කාලසීමාව අප්‍රේල් මස 05 දිනයෙන් අවසන් වේ.

2024-03-15 දින දහවල් 12.00ට පෙර ඇතුළත් කර ඇති අයදුම්පත් සලකා නොබැලෙන බැවින් එම අයදුම්කරුවන් නැවත මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම් කළ යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment