බාල බෙහෙත්වලින් ජනතාව මිය නොයන අගහිඟකම්වලින් තොර රජයක් යටතේ ඊළඟ සිංහල අවුරුද්ද සැමරීමට ජනතාවට හැකි වේවි – සජබ බෞද්ධ කටයුතු ප්‍රධානී විපක්ෂ නායක උපදේශක ආචාර්ය ධනවර්ධන ගුරුගේ

97

බාල බෙහෙත්වලින් ජනතාව මිය නොඇදෙන දූෂණයෙන් හා වංචාවලින් අග හිඟකම්වලින් තොර නව රජයක් යටතේ ඊළඟ වසරේ සිංහල හින්දු අලුත් අවුරුදු සමරන්නට ජනතාවට හැකිවනු ඇති බව සමගි ජන බලවේගයේ බෞද්ධ අංශ ප්‍රධානි විපක්ෂ නායක උපදේශක මණ්ඩලයේ සාමාජික ආචාර්ය ධනවර්ධන ගුරුගේ මහතා පැවැසීය.

ජාඇළ කණුවන පැවැති අවුරුදු උළෙලක ඇරඹුමට එක්වෙමින් ඔහු මේ බව කීය.

මෙදා අවුරුදු සමරන්නේ දහසක් ආර්ථික වේදනා මැදයි. එක වේලක් භුක්ති විඳින්නට බැරි අමාරු තත්ත්වයකට රට පත්වෙලා. ආණ්ඩුවත් ජනාධිපතිවරයාත් 2048 සිහින ලන්තයක් ගැන පුරාජේරු කියනවා. ‘සිහින ලන්තය’ මවා පාමින් අද ඡන්ද ගුණ්ඩු දෙන්න පටන් අරන්. උතුරේත් දකුණේත් ජනතාව අන්දන වැඩසටහන් සූක්ෂම ලෙස දියත් කරලා.

මේ උප්පරවැට්ටි හා තාවකාලික වාසිවලට රැවටුණහොත් අත්වන ඉරණම හිතාගන්න බැහැ.

ව්‍යාපාර ආයතන එදා වේල ගෙවාගන්න බැරි තැනට අසීරු තත්ත්වයකට පත්වෙලා. විහාරස්ථානවල විදුලි බිල ගෙවන්න බැරි තරමට අසීරු තත්ත්වයක ඉන්නේ. එහෙම තත්ත්වයක තමයි අද අවුරුදු සමරන්නේ යැයිද ගුරුගේ මහතා කීය.

advertistmentadvertistment
advertistmentadvertistment