දඹුල්ලට ඊයේ එළවළු කිලෝ  ලක්‍ෂ 7ක් එයි: තොග මිල 40% කින් බසී  

278

දඹුල්ල තොග වෙළෙඳපොළට ඊයේ (03දා) එළවළු කිලෝ ලක්ෂ හතක් පමණ ලැබුණු අතර එළවළු තොග මිල සියයට හතළිහකින් පහළ ගොස් ඇතැයි දඹුල්ල විශේෂිත ආර්ථික වෙළෙ`ද මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමයේ සභාපති යූ. බී. ඒ්කනායක මහතා පැවසීය.

එළවළු තොග මිලදී ගැනීමට තොග ගැනුම්කරුවන්ගේ පැමිණීම ද සාමාන්‍ය තත්ත්වයට පත්ව තිබෙන බවත් උඩරට, පහතරට, යාපනය, පුත්තලම, ඌව කලාපවලින් එළවළු තොග ලැබුණු බවත් කී සභාපතිවරයා,

පසුගිය මාස දෙකට සාපේක්ෂව එළවළු තොග මිල සියයට 40කින් පමණ පහළ ගොස් තිබෙන බව ද පැවසීය.

කැරට් සහ මාළුමිරිස් තොග මිල පහළ ගොස් නොතිබූ අතර, මාළුමිරිස් කිලෝවක තොග මිල රුපියල් 475ත් 500ත් අතරද කැරට් කිලෝවක තොග මිල රුපියල් 360ක්වද පැවතිණි.

අමුමිරිස් කිලෝවක තොග මිල රුපියල් 350ක්වූ අතර යාපනය සහ පුත්තලම කලාපවලින් අමු මිරිස් තොග ලැබී තිබේ. බෝංචි කිලෝවක් රුපියල් 160ක් 170ක්, බීට් කිලෝවක් රුපියල් 280ක්, ලීක්ස් කිලෝවක් රුපියල් 170ත් අතර මිලකට අලෙවී වී තිබේ. පහතරට, යාපනය, ඌව කලාපවලින් ලැබුණ එළවළු තොග මිලද පහළ ගොස් තිබෙන අතර දිවයිනේ සියලූම පළාත්වලින් එළවළු තොග මිලදී ගැනීමට තොග ගැනුම්කරුවන් පැමිණි බවද සභාපතිවරයා පැවසීය.

ආනයනික ලොකු ලූනු සහ අර්තාපල් තොග අවශ්‍ය තරම් තිබිණි. ඉන්දියන් ලොකු ලූනු කිලෝවක් රුපියල් 155ත් 160ත් අතරද, පාකිස්තාන් ලොකු ලූනු කිලෝවක් රුපියල් 130ක තොග මිලකට සහ ඉන්දියන්, බංගලිදේශ සහ චීන අර්තාපල් කිලෝවක් රුපියල් 110ක තොග මිලකටද අලෙවි වූ බව ඒකනායක මහතා පැවසීය.

මාතලේ විශේෂ – නිමල් ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment