මේ වසරේ පාඩුව කෝටි 15,000 ක්: ලංවිම පාඩුව අවම කිරීමට අනිවාර්යයෙන්ම ගාස්තු වැඩි කළ යුතුයි

80
  • මහජන උපයෝගීතා කොමිසම

ලෝක වෙළෙඳපොළේ ගල්අඟුරු මිල ඉහළ යෑම, ඞීසල් මගින් වැඩිපුර විදුලි උත්පාදනය කිරීම ඇතුළු කාරණා නිසා මෙම වසරේ (2022) ලංකා විදුලිබල මණ්ඩලය ලබන පාඩුව රුපියල් කෝටි 15,000 ක් පමණ වනු ඇතැයි ශී‍්‍ර ලංකා මහජන උපයෝගිතා කොමිසමේ :ඡුඹක්‍ීඛ) සභාපති ජනක රත්නායක මහතා ‘දිවයින’ට පැවසීය.

මෙම පාඩුව අවම කිරීමට නම් අනිවාර්යයෙන්ම විදුලි ගාස්තු ඉහළ දැමිය යුතු බවත් වසර අටක සිට විදුලි ගාස්තු ඉහළ දැමීමක් සිදු කර නැති බවත් සභාපතිවරයා කියා සිටියේය.

මේ වනවිට ලංකා විදුලිබල මණ්ඩලයේ සමස්ත පාඩුව රුපියල් කෝටි 22,000 කි.

විදුලි ගාස්තු ඉහළ දැමීමට අදාළ යෝජනාව විදුලිබල මණ්ඩලය මගින් ඉදිරිපත් කළ යුතු බවත් විදුලි ගාස්තු ඉහළ නොදැමීමට රජය තීරණය කරන්නේ නම් කොමිසමට එය ප‍්‍රශ්නයක් නොවන බවත් ඒ මහතා කීය.

කෙසේ වෙතත් මණ්ඩලය ලබන මෙම පාඩුව අවම කර නොගතහොත් ඉදිරියේදී එය දරාගත නොහැකි වනු ඇතැයි ද ජනක රත්නායක මහතා කියා සිටියේය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment