ශ්‍රීලනිපය 21 ට පූර්ණ සහාය දෙනවා – මෛත්‍රීගෙන් විජේදාසට ලිපියක්

120

යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධන කෙටුම්පත සඳහා තමා සහ තම පක්‍ෂය පූර්ණ සහාය ලබාදෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අධිකරණ ඇමැති විජේදාස රාජපක්‍ෂ මහතා වෙත ලිපියක් යොමුකරමින් සඳහන් කර ඇත.

 යෝජිත කෙටුම්පතේ සඳහන් සියලුම සංශෝධනවලට සිය පක්‍ෂය එකඟතාව පළ කරන බවද සඳහන් කර ඇති අතර එම සංශෝධනයට ඇතුළත් කළයුතු තවත් යෝජනා කිහිපයක්ද යොමුකර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment