OT පැය ගණන ඉහළ දැමීමෙන් සිපෙට්කෝ ප‍්‍රධාන කාර්යාලයේ රියැදුරන්ගේ කල්ල මරේ! අතිකාල දීමනාව 125,000 ක් ලක්‍ෂ 3 කට කිට්ටු මාසික වැටුපක්

267

තෙල් සංස්ථා (සිපෙට්කෝ) ප‍්‍රධාන කාර්යාලයට අනුයුක්තව සේවය කරන රියැදුරන්ගේ අතිකාල පැය ගණන පැය 75 සිට පැය 150 දක්වා යළි වැඩිකිරීමත් සමග රියැදුරකුගේ මාසික අතිකාල දීමනාව පමණක් රුපියල් එක්ලක්‍ෂ විසිපන්දහස ඉක්මවා ගෙවීමට සිදුව තිබේ.

සංස්ථාවත් රටත් බරපතළ මූල්‍ය අර්බුදයකට ලක්ව තිබෙන මොහොතක තෙල් සංස්ථා සියලූ සේවකයන්ගේ අතිකාල පැය ගණන මසකට පැය 75 දක්වා අඩු කළත් වෘත්තීය සමිති කිහිපයක බලපෑම මත ප‍්‍රධාන කාර්යාලයේ රියැදුරෝ වැඩ කළත් නැතත් මාසයකට රුපියල් එක්ලක්‍ෂ විසිපන්දහසක උපරිමයකට යටත්ව අතිකාල ලබා ගැනීමට සමත්ව සිටිති.

ඒ අනුව තෙල් සංස්ථා ප‍්‍රධාන කාර්යාලයට අනුයුක්තව රාජකාරි කරන රියැදුරකුගේ දළ මාසික වැටුප රුපියල් දෙලක්‍ෂ පනස්දහසත්, ලක්‍ෂ තුනත් අතර ගෙවීමට සිදුව ඇතැයි ගිණුම් අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘දිවයින’ට හෙළි කළේය. ප‍්‍රධාන කාර්යාලයට අනුයුක්තව රියැදුරෝ විස්සක් පමණ සිටිති. මීට අමතරව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරුන් හතර දෙනාගේ රියැදුරන්ටද මසකට පැය 200 ක අතිකාල දීමනා හිමිය. කළමනාකාර අධ්‍යක්‍ෂවරයා විසින් අනවශ්‍ය වියදම් කපාහැරීමට අදාළව නිකුත්කළ චක‍්‍රලේඛයද දැන් කුණු කූඩයට ගොස් ඇතැයි එම නිලධාරියා සඳහන් කළේය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment