නව ආණ්ඩුකාරවරු තිදෙනෙක් දිවුරුම් දෙති – වයඹට ලක්‍ෂ්මන් යාපා, උතුරට චාල්ස් නැගෙනහිරට සෙන්දිල්

120

නව ආණ්ඩුකාරවරු තිදෙනෙක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ ඊයේ (17 දා) දිව්රුම් දුන්හ.

ඒ අනුව වයඹ පළාත් ආණ්ඩුකාර ලෙස ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා ද, උතුරු පළාත් ආණ්ඩුකාර ලෙස පී. එස්. එම්. චාල්ස් මහත්මිය ද, නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර ලෙස සෙන්දිල් තොණ්ඩමන් මහතා ද පත්කර තිබේ. නව ආණ්ඩුකාරවරුන් පත්කරන අවස්ථාවට ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ද එක්ව සිටියේය.

උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා, නැඟෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර අනුරාධා යහම්පත්, වයඹ පළාත් හිටපු ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ යන මහත්ම මහත්මීන් වෙනුවෙන් නව ආණ්ඩුකාරවරුන් පත්කර ඇත.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment