රූපලාවන්‍ය සහ කේශාලංකාරකරණයෙන් ලොවක් දිනූ තීක්ෂණී සහ කායල්

95

ප්‍රංශයේ පැවති 2023- ඕ.එම්.සී. හෙයාර් වර්ල්ඩ් (O.M.C. Hair World) ලෝක ශූරතා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ රූපලාවන්‍ය සහ කේශාලංකාරකරණ ශිල්පිනියන් දෙදෙනෙකු රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගෙන පසුගියදා කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියහ. මෙම තරගාවලිය ලෝකයේ රටවල් 69 ක රූපලාවන්‍ය සහ කේශාලංකාරකරණ ශිල්පිනියන් 5,000 කගේ සහභාගීත්වයෙන් පසුගිය 09 වැනිදා සිට 11 වැනිදා දක්වා ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්විණි.

එහිදී වේශ නිරූපණ අංශයෙන් තරග කළ තීක්ෂණී කාරියවසම් මහත්මිය රන් පදක්කම දිනා ගැනීමට සමත් වූවාය. එසේම නිර්මාණාත්මක අංශයෙන් තරග කළ කායල් විලී ජයප්‍රකාශ් මහත්මිය ලෝකඩ පදක්කමක් සහ තවත් ඉසව් දෙකකදී 04 වැනි සහ 05 වැනි ස්ථාන දිනා ගැනීමට සමත් වූවාය.

කටුනායක – ටී.කේ.ජී.කපිල

advertistmentadvertistment
advertistmentadvertistment