සිහින සමීකරණට ජාත්‍යන්තර ජයක්

44

නයිජීරියාවේ පැවැත්වුණු Bayelsa International Film Festival හි අවසන් තරඟකාරී වටයෙන් සසික හේරත් විසින් අධ්‍යක්ෂණය කරන ලද සිහින සමීකරණ චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂවරයා වන චන්දන ජයසිංහ හොඳම කැමරා අධ්‍යක්ෂවරයාට හිමි සම්මානය දිනාගෙන ඇත. මෙම චිත්‍රපටය ආචාර්ය චරිත් ජයතිලක සහ ධම්මික ගීකියනගේ සම නිෂ්පාදනයකි.

ලොව පුරා රටවල් 127ක චිත්‍රපට 3872 ක් සමඟ තරඟවැද අවසන් තරඟකාරී වටයට තේරී පත් වී ඉන් නිර්දේශ නාමයන් කිහිපයක් ද ලබාගැනීමට ‘සිහින සමීකරණ‘ සමත් වී තිබේ. ඒ අනුව මෙම චිත්‍රපටය ලබා ඇති නිර්දේශ නාමයන් වන්නේ හොඳම චිත්‍රපට නිෂ්පාදනය, හොඳම තිර රචනය, හොඳම නළුවා, හොඳම නිළිය, හොඳම සහාය නළුවා සහ හොඳම කැමරා අධ්‍යක්ෂණය යන නිර්දේශ නාමයන්ය.

හොඳම තිර රචනය සඳහා චිත්‍රපටයේ තිර රචක දර්ශන විද්‍යා අරවින්ද, හොඳම නළුවා ලෙස චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟදැක්වූ සජිත අනුත්තර ඇන්තනී, හොඳම නිළිය ලෙස ප්‍රධාන කාන්තා චරිතය රඟදැක්වූ කසුනි කාවින්දි ප්‍රනාන්දු, හොඳම සහාය නළුවා ලෙස රංග ශිල්පී අශාන් ඩයස් ද නිර්දේශ නාම අතරට එක් වී තිබුණි. ඊට අමතරව හොඳම කැමරා අධ්‍යක්ෂණය සඳහා වන නිර්දේශ නාම අතරට චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂ චන්දන ජයසිංහ එක් වී තිබූ අතර ඉන් ඔහුට ජයග්‍රහණය හිමිවිණි.

සිහින සමීකරණට ජාත්‍යන්තර ජයක්
advertistmentadvertistment
advertistmentadvertistment