ක්‍රීඩා පිටියට යමින් සිටි සිසුවා එක්ස්කැවේටරයට බිලි වෙලා

359

මතුගම ආනන්ද ශාස්ත්‍රාලයේ 08 වසර ඉගෙනුම ලබන රිවිණු සෙනුමිත විජේසුන්දර සිසුවා පාසල් කාලයෙන් පසු චෙස් ක්‍රීඩාව සඳහා සහභාගි වී ඇති අතර පසුව පාසලට යාබදව ඇති මතුගම ප්‍රාදේශීය සභා ක්‍රීඩා පිටියට යෑම සඳහා පාසල ඉදිරිපිට ඇති මාර්ගයේ දකුණු පසින් මීටර පහළොවක් පමණ යද්දී පසුපසින් පැමිණි එක්ස්කැවේටරයට මෙම සිසුවා යටවී ඇත.

මතුගම, වෑත්තෑව රෝහල වෙත ගෙන ගිය සිසුවා ඒ වන විටත් ජීවිතක්ෂයට පත්ව තිබූ බව රෝහල් ආරංචි මාර්ග පැවසූහ. මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරය නාගොඩ මහ රෝහල වෙත යවා ඇත.

මරණය සිදුකළ එක්ස්කැවේටරය එම මාර්ගයේ ජලනළ එලීමේ කටයුතු සිදුකර ඇති අතර එහි රියැදුරු මතුගම

මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

රිවිණු සෙනුමිත සිසුවා මතුගම දෙහිගස්මුල්ල ප්‍රදේශයේ පදිංචිව සිට ඇති අතර රිවිණුට තවත් නැගණියක් හා බාල සහෝදරයකුද වේ.

රිවිණුජගේ පියා ජනාධිපති බාලදක්ෂයකු වන සජීව විජේසුන්දර මහතා මතුගම ආනන්ද ශාස්ත්‍රාලයේ බාලදක්ෂ නායකත්වය දරයි.

පාසල් අධ්‍යාපනයට මෙන්ම බාහිර ක්‍රියා කාරකම්වලට දක්ෂ රිවිණු සෙනුමිත බාලදක්ෂ, චෙස් හා අනෙකුත් ක්‍රීඩාවන් සඳහා ඉතා දක්ෂ සිසුවෙක් බව ආනන්ද ශාස්ත්‍රාලයේ ගුරුවරු පවසති.

මතුගම විශේෂ – අනුර ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment