සුපිරි පළාත් ශුරතා ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වෙයි

197

මධ්‍යම සහ නැගෙනහිර දෙපළාතේ කණ්ඩායම් 08 ක සහභාගිත්වයෙන් ක්‍රියාත්මක කෙරෙන සුපිරි පළාත් ශුරතා ක්‍රිකට් තරගාවලියේ ආරම්භය අද (07) මහනුවර ධර්මරාජ විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී සිදු කෙරෙන අතර එහිදී කෑගල්ල ට එරෙහිව නුවරඑළිය තරග වදී.

මෙම තරගාවලිය අදියර තුනක් යටතේ ලීග් ක්‍රමය භාවිත කරමින් මැයි 23 දක්වා ක්‍රියාත්මක කෙරේ. මෙවර තරගාවලිය යටතේ එක් කණ්ඩායමක් තරග 05 කට සහභාගි වීමට නියමිතය.

මෙහි පළමු වැන්න කාණ්ඩ දෙකක් යටතේ පෙළ ගස්වා ඇත.

ඒ කාණ්ඩය යටතේ මහනුවර 1, මහනුවර 3, කෑගල්ල සහ නුවරඑළිය තරග බිමට අවතීර්ණ වන අතර ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර සහ මහනුවර 2 යන කණ්ඩායම් බී කාණ්ඩය යටතේ තරග වදී.

මෙම තරග මහනුවර ධර්මරාජ විද්‍යාලයීය ක්‍රීඩාංගණය, පල්ලේකැලේ බන්ධනාගාර ක්‍රීඩාංගණය, ගම්පොළ වික්‍රමබාහු මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණය, කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයීය ක්‍රීඩාංගණය සහ නැගෙනහිර පළාතේ දී පැවැත්වීමට පියවර ගෙන ඇති බව මධ්‍යම පළාත් ක්‍රිකට් සංගමයේ ලේකම් ජානක පතිරණ මහතා අනාවරණය කළේය.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment