රසායනික පොහොර ඉල්ලන අය වකුගඩුවකුත් ඉල්ලන්න – පොහොර සමාගම්වල උසි ගැන්වීම්වලට මං බය නෑ – ඡන්ද බලාගෙන වැඩ මගෙ නෑ – ජනපති උඩුබද්දාවේදී කියයි

580

* පරිප්පු සීනි නොවේ රට හැදීම මගේ දැක්මයි

තමාට අවශ්‍ය ඡන්දය නොව නිවැරදි දේ කිරීමට බවත් රසායනික පොහොර ඉල්ලන අය අනෙක් පැත්තෙන් වකුගඩුවකුත් ඉල්ලා සිටිය යුතු බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවැසීය.

රසායනික පොහොර ඉල්ලන අය වකුගඩුවකුත් ඉල්ලන්න - පොහොර සමාගම්වල උසි ගැන්වීම්වලට මං බය නෑ - ඡන්ද බලාගෙන වැඩ මගෙ නෑ - ජනපති උඩුබද්දාවේදී කියයි

හාල්, පරිප්පු මිල බලන්න ජනාධිපතිවරයෙක් අවශ්‍ය නැති බවත් රසායනික පොහොර නිෂ්පාදන සමාගම් විවිධ බලවේග උසි ගන්වමින් බාධා කළත් ඒ කිසිවකට තමන් බිය නොවන බවත් උඩුබද්දාව ප‍්‍රාදේශීය සභා භූමියේ ඇති කසළ ප‍්‍රතිචක‍්‍රීකරණ මධ්‍යස්ථානය නිරීක්‍ෂණය කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා පෙරේදා (23 දා) පැවැසීය.

උඩුබද්දාව, බුන්නැහැපොළ කාබනික පොහොර සැකසුම් මධ්‍යස්ථානය හා කාබනික වගා බිම් නිරීක්‍ෂණ සඳහා ද ජනාධිපතිවරයා එක්විය.

රසායනික පොහොර ඉල්ලන අය වකුගඩුවකුත් ඉල්ලන්න - පොහොර සමාගම්වල උසි ගැන්වීම්වලට මං බය නෑ - ඡන්ද බලාගෙන වැඩ මගෙ නෑ - ජනපති උඩුබද්දාවේදී කියයි

පොහොර සැකසුම් මධ්‍යස්ථානයට පැමිණි ජනාධිපතිවරයා කාබනික පොහොර නිෂ්පාදනය කරන ආකාරය නිරීක්‍ෂණය කළ අතර නිෂ්පාදනවල ගුණාත්මකභාවය පවත්වා ගැනීමට යොදාගන්නා තාක්‍ෂණික ක‍්‍රම පිළිබඳව ද සොයා බැලීය. අනතුරුව වගාබිම වෙත පැමිණි ජනාධිපතිවරයා එහි වගාකොට තිබූ එළවළු සහ අනෙකුත් වගාවන් පිළිබඳව නිරීක්‍ෂණය කළේය. කාබනික පොහොර යොදා පස සකස් කරන ආකාරය ද දැක බලාගත්තේය.

රසායනික පොහොර ඉල්ලන අය වකුගඩුවකුත් ඉල්ලන්න - පොහොර සමාගම්වල උසි ගැන්වීම්වලට මං බය නෑ - ඡන්ද බලාගෙන වැඩ මගෙ නෑ - ජනපති උඩුබද්දාවේදී කියයි


ගැඩවිල් පණුවන් යොදාගනිමින් කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කරන මෙම සැකසුම් මධ්‍යස්ථානය මගින් මාසිකව පොහොර ටොන් 12 ක් පමණ නිෂ්පාදනය කෙරේ. අක්කර 13 ක පමණ වූ පොල් ඉඩමක ගස්ලබු, කෙසෙල්, පැෂන් වැනි පළතුරුද, ගෝවා, බීට්රූට්, බටානා වැනි එළවළුද කහ වගාවක් සහ ආදර්ශ වී වගාවක්ද කාබනික පොහොර යොදා ගනිමින් මෙහි සිදුකරයි.

ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද කීය.

රසායනික පොහොර තහනම අලූතෙන් දාපු දෙයක් නෙවෙයි. සෞභාග්‍යයේ දැක්ම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ රසායනික පොහොර පාවිච්චිය නතර කරන බවට සටහන් කර තිබෙනවා. මම හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ කෙනෙක්. මගේ අම්මයි තාත්තයි වගා කරලා තියෙනවා දැකල තිබෙනවා. මම ගත්ත මේ තීරණය කිසිම නායකයෙක් ගත්තේ නැහැ. අපි දිය ඇලිවල නෑවා. අද නාන්න බැහැ. නෑවොත් වෙන්නේ මළ මිනියක් වෙලා එන්න.

මම ප‍්‍රමුඛත්වය දුන්නෙ ගොවීන්ට. ඒ තැබූ විශ්වාසය කඩ කරන්නෙ නැහැ. ගොවි ජනතාව හොඳ නරක විමසා තීරණ ගන්න. මිනිස්සු අවුස්සන දේශපාලනයට හසුවන්න එපා. අනාගත පරපුර වෙනුවෙන් පෙළගැහෙන්න කියලා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මට අවශ්‍ය ඡුන්දය නොවෙයි. ජනතාවට නිවැරදි දේ කිරීමයි. ඒ වෙනුවෙන් නොබියව තීරණ ගනිමින් ජනතා අවශ්‍යතා පමණක් බැලීමට මා කටයුතු කරනවා.

ලෝකයේ රසායනික පොහොර නිෂ්පාදන සමාගම් විවිධ බලවේග උසි ගන්වමින් බාධා කරනවා. ඒ කිසිවකුට මා බියවන්නේ නැහැ. ජනතාව මාව නායකයා ලෙස තෝරා පත්කරගත්තෙ නිවැරදි තීන්දු තීරණ ගැනීමටයි.

කාබනික පොහොර වලින් වගාවන් සිදුකරන විට අපිට කියන්න පුළුවන් ශ‍්‍රී ලංකාව රසායනික පොහොර නැතිව ගොවිතැන් කරන රටක් බව. මේ හරහා සංචාරක කර්මාන්තයට පිරිස් ගෙන්වා ගන්න පුළුවන්. වෙළෙඳපොළක් ඇතිකරන්න පුළුවන්.

වී වලට සහතික මිලක් වැඩිකළා. අද කවුරුත් මේ ගැන කතා කරන්නෙ නැහැ. හො`ද දේ කරන්න අමාරුයි. අපේ රටේ තෙල්, ගල්අඟුරු, ගෑස් නැහැ. අපි තාම මේවා පාවිච්චි කරනවා. අපිට සුළං සූර්යාලෝකය හොඳට තියෙනවා. අපි මේවාට යන්නේ නැත්තෙ ඇයි? ඇයි මේවාට බියවෙන්නෙ කියලා හිතෙනවා.

මෙම අවස්ථාවට ඇමැතිවරුන් වන ජොන්ස්ටන් ප‍්‍රනාන්දු, මහින්දානන්ද අලූත්ගමගේ, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගුණපාල රත්නසේකර, යූ. කේ. සුමිත්, සමන්පි‍්‍රය හේරත්, වයඹ පළාත් හිටපු ප‍්‍රධාන ඇමැති අතුල විජේසිංහ, උඩුබද්දාව ප‍්‍රාදේශීය සභා සභාපති රාජ් සිසිර කුමාර සහ බිංගිරිය ප‍්‍රාදේශීය සභා සභාපති දිමුත් තුෂාර යන මහත්වරුන් ද එක්ව සිටියහ.

අපි දන්නවා වසර ගණනාවක් තිස්සේ වෛද්‍යවරුන්, සෞඛ්‍ය සේවයේ විවිධ කොටස්, අපේ කෘෂි කර්මාන්තයේ සමහර විශේෂඥයෝ මේ ගැන අවුරුදු ගණනක් කතාකරලා තියෙනවා. පසුගිය රජයන් පවා මේක කරන්න උත්සාහ කරලා තියෙනවා. මේක අසීරු කාර්යයක්. මගේ පරම්පරාවේ අය පාරම්පරික වගාවක් කරන හැටි දැකලා තියෙනවා. මගේ දෙමව්පියන් වගා කළා. ගොවිතැන් කළා. අද ඒ කුඹුරටම ගියාම ඒ කුඹුරේ එදා ඉඳපු ගැඩවිල්ලෝ, කක්කුට්ටෝ, මඩකරි ඒ කිසි සතෙක් නැහැ. එදා අපි නෑව ඇළේ අද නාන්න බැහැ. අපේ පළාතේ, හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ ළිංවලින් වතුර බොන්න බෑ. කිවුලයි. ඉඳලා හිටලා හොඳ ළිඳක් තියෙනවා. අපේ වෙල් යාය මැද පාරම්පරික ළිඳක් තිබුණා. මුළු ගම්මානයේ අය වතුර බිවේ ඒ ළිඳෙන්. අද ඒ ළිඳේ වතුර බොන්න බැහැ. කුඹුරට ගහන විෂ රසායනික ද්‍රව්‍ය මේකට ඇවිල්ලා සම්පූර්ණයෙන්ම ජලය දූෂණය වෙලා.

කුඹුරු වගා කරන ප‍්‍රදේශවලට ගියහම අපෙන් ආරෝ මැෂින් එකක් දෙන්න කියලා ඉල්ලනවා වතුර බොන්න බැරි නිසා. දැන් කුඩා ළමයින්ටත් වකුගඩු රෝගය. පිළිකා රෝහලට ගිහින් බලන්න කී දෙනෙක් ළමයි ඉන්නවාද?

මේක කවුරුත් දන්න දෙයක්. නමුත් අවසනාවකට කිසිම නායකයෙක් මේවගේ තීරණය ගත්තේ නැහැ. මාව පත් කළේ මේ රටේ වෙනසක් කරන්න. විශේෂයෙන්ම කෘෂි කර්මාන්තයට. අපි

පොහොර නොමිලේ දුන්නා. අපි ඒ පොහොර නොමිලේ දුන්නේ ගොවියාගේ ජීවන තත්ත්වය ඉහළ නංවන්න. වී වලට තිබුණු සහතික මිල අපි වැඩි කළා. නමුත් ඒ කිසිවක් අද කතා කරන්නේ නැහැ. මිනිස්සු වැරදි දේවල් කියලා, ගොවීන්ව උසි ගන්නවලා, දැන් කියනවා අපට රසායනික පොහොර දෙන්න කියලා. රසායනික පොහොර ඉල්ලන එක්කෙනා පොහොරත් එක්කම වකුගඩුවක් ඉල්ලන්න ඕනෑ.

වකුගඩු රෝගීන් වෙනුවෙන් පොළොන්නරුවේ විශාල වකුගඩු රෝහලක් ඉදි කළා. අපි අපේ ඉදිරි පරම්පරාව වෙනුවෙන්, දූ දරුවන් වෙනුවෙන් කෘෂි කර්මාන්තයේ වෙනසක් කරන්න ඕනෑ.

අවුරුදු හතළිහක විතර කාලයක් තිස්සේ ගොවි මහත්වරු යූරියා සහ අනෙකුත් රසායනික ද්‍රව්‍ය පුරුදු වෙලා. අද ඒක හොඳටම ඔප්පු වෙනවා. විවිධ කාබනික පොහොර හදපු තවත් තැන් තියෙනවා. මම ඒ හැමතැනටම යනවා. ඒ අය දිරි ගන්වන්වනවා. ගමට මතයක් ගෙනියන්න ඕනැ. අපි ගොවීන්ව දිරි ගන්න ඕනෑ. ඔවුන්ට මේක කරන්න පුළුවන් දෙයක් කියලා කියන්න ඕනෑ. මේ පොහොර ගැන වගේම එහි විශාල ආර්ථිකයක් තියෙනවා කියන එක ගැන ඔවුන් දැනුවත් කරන්න ඕනෑ.

අපට ලෝකයට කියන්න පුළුවන් නම් ශ‍්‍රී ලංකාව තමයි රසායනික ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැතුව කෘෂි කර්මාන්තය කරන රට කියලා ඒකම ඇති අපට සංචාරකයන් ගෙන්වා ගන්න. ඒකම ඇති අපට හොඳ වෙළෙඳපොළක් හදාගන්න. ඒවාට ලෝකයේ හොඳ ඉල්ලූමක් තියෙනවා. අපට ගුණාත්මකභාවයෙන් ඉහළ නිෂ්පාදනය දෙන්න පුළුවන් නම් ඉහළ විදේශ විනිමයක් ගෙන්න පුළුවන්. එතකොට අපට පුළුවන් රුපියල් 50ට තියෙන සහතික මිල රුපියල් 150ක් කරන්න. ඒක තමා ඉලක්කය කරගන්න ඕනෑ. ඒක තමයි මගේ අරමුණ.

බොරුවට මේක දේශපාලනීකරණය කරලා,

ගොවියන්ව අවුස්සන්න නොවෙයි කරන්න තියෙන්නේ. මම අහන්නේ මේ හොඳ දෙයක් ද නරක දෙයක් ද කියලා. ඔබ සියලූ දෙනාත් මේ වැඬේ හොඳ දෙයක් ද නරක දෙයක් ද කියලා හිතන්න. හොඳ දෙයක් නම් ඒක අමාරුයි. අමාරු වුණාට ඒකෙන් දේශපාලන වාසි

ගන්නේ නැතුව අපි ඒක කරන්න ඕනෑ. අපි දේශපාලනයෙන් තොරව එකතු වෙලා මේක සාර්ථක කරගන්න වැඩ කරන්න ඕනෑ.

මම ආරක්ෂක ලේකම් හැටියට පත්වෙන කොට අවුරුදු 30ක යුද්ධයක් තිබුණා. හැමෝම මේකට අතගහන්න එපා කිව්වා. නමුත් අපි එය පටන් ගෙන අවුරුදු දෙකහමාරකින් තුනකින් ත‍්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම තුරන් කෙරුවා. ඒ වගේම සටනක් තමයි මේ. රසායනික පොහොර තහනම් කිරීම සම්බන්ධයෙන් සමහර අය විරුද්ධයි.

ඒ අය මේක නවත්තන්න සල්ලි වියදම් කරනවා. නමුත් අපි ඒවා නොතකා ඉදිරියට යන්නට අවශ්‍යයි. එය කළ හැකි දෙයක්.

දේශපාලනය කරලා, ආපු නායකයෙක් මේ සංකල්පයට අත ගසන්නනේ නෑ. ඒ ඇයි, ඡුන්ද නැතිවෙයි කියලා. මම බය නැතිව කියනවා මට ඡුන්ද නොවෙයි අවශ්‍යය. මට අවශ්‍ය රටට, ජනතාවට, ඉදිරි පරම්පරාවට හොඳ දෙයක් කරන්න. මේ වගේමයි පුනර්ජනනීය බලශක්තිය.

අපට තෙල් නෑ, අපට ගල් අඟුරු නෑ, අපට ගෑස් නෑ. මේ සේරම නැති වුණත් අප උත්සාහ කරන්නේ ඒ දේවල්වලටම යන්න. නමුත් අපට වතුර තියෙනවා, අපට සුළං තියෙනවා, අපට සූර්ය බලය තියෙනවා. එත් අපි මේවාට විරුද්ධ වෙලා තවත් සමහරු ගල් අඟුරු  බලාගාර හදන්න කියනවා.

අද ලෝකයේ වැඩි දෙනෙක් කතා කරන්නේ අපි කොහොමද දේශගුණික විපර්යාස නැති කරන්නේ කියලා. ඒවාට විසඳුම් මොනවද කියලා. මේවා ගැන අපි කතා කරලා විතරක් වැඩක් නෑ, අපි ඒ විසඳුම් ක‍්‍රියාත්මක කරන්න ඕනෑ. මම මේ අභියෝගය භාරගත්තේ ඉදිරි පරම්පරාව වෙනුවෙන් හොඳ දෙයක් කරන්න. අපි දේශපාලන බොරු වාසි ගන්නේ නැතිව අපේ රට වෙනුවෙන් ඉදිරි පරම්පරාව වෙනුවෙන් එකට එකතු වෙලා මේ කාර්ය කරන්න ඕනෑ.

අපට මෙය සුළු කාලයකදී කළ හැකි දෙයක්. අවුරුදු 10ක් 15ක් යන දෙයක් නොවෙයි. අවුරුදු ගාණක් තිස්සේ රසායනික පොහොර භාවිතය නිසා මුළු රටේම පස නිසරු වෙලා. අපේ පස සරු කරපු ගැඩවිල්ලෝ වගේ සත්තු දැන් නැති වෙලා. ජලාශ, ගංගා, දියඇලි මේ හැම එකකම ගහගෙන එන්නේ රසායනික පොහොර. අපට ඒ වතුර බොන්න බෑ. දැන් ගම්මානවල ළිෙ ඳන් වතුර බොන්න පුළුවන්ද? අද ඒ වෙනුවට ආරෝ මැෂින් ඉල්ලනවා. දියඇලි ගංගා අපිරිසිදු වෙලා. අපි මේවා අනිත් පැත්තට හරවන්න ඕනෑ, අපේ ඉදිරි පරම්පරාව වෙනුවෙන් අපේ දරුවන් වෙනුවෙන්. එක එක අය දෙන බොරු ප‍්‍රචාරවලට රැුවටෙන්න නරකයි. අපි හරි දේ කළ යුතුයි. ඒ හරි දේ කරන්න අමාරුයි. අමාරු වුණත් මේ රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් අපි එය කළ යුතුයි.

මම අද ඇවිල්ලා ඉන්න මේ මධ්‍යස්ථානය හොඳ ආදර්ශයක්. එය බලන්නයි, දිරි ගන්වන්නයි මම මේ ආවේ. මේ වගේ බොහෝ ස්ථාන රටේ තියෙනවා. ඒවා සාර්ථක ලෙස කරගෙන යන්න නම් අපි ඒවාත් දිරිගන්වන්න ඕනෑ. මෙතුමාගේ වැඩපිළිවෙළ තුළ ඉතා හොඳ විසඳුමක් තියෙන බව අපි දැක්කා. අපි ඒවා අනිත් ගොවි මහත්වරුන්ටත් ගෙනහිල්ලා දෙන්න ඕනෑ.

අපි බිලියන ගණන් ඩොලර් පිටරට ඉන්න පොහොර හදන කර්මාන්තකරුවන්ට දෙනවා. ඇයි අපට ඒ මුදල ලංකාවේ අලූතින් ව්‍යවසායකයින් ඇති කරලා ඒ අයට දෙන්න බැරි. ඒ වෙනුවට අපට අලූත් ව්‍යාපාර, අලූත් නිෂ්පාදන ඇති කරන්නට පුළුවන්. මෙය හොඳ දෙයක්. අප එය කරන්නට අවශ්‍යයි.

අවුරුදු දහස් ගණනක් අපි යූරියා භාවිත කෙරුවේ නෑ. 70 ගණන්වල තමයි ලංකාවට යූරියා ගෙනාවේ. මම දැකලා තියෙනවා මගේ අම්මලා තාත්තාලා වගා කරපු හැටි. ඔවුන් යූරියා භාවිත කෙරුවේ නෑ. පරිසරයත් රැුකිලා, ජලයත් රැුකිලා හොඳ අස්වැන්නකුත් අපට ලැබුණා. පාරම්පරික දේ අපි අමතක කරලා, වෙනත් දේකට ගිහින් සම්පූර්ණ රටම දැන් විනාශ කරල තියෙන්නේ. මම විශේෂයෙන්ම ගොවි මහතුන්ගෙන් ඉල්ලීමක් කරනවා මම ගැන විශ්වාස කරන්න කියලා.

මම පත් වූ දවසේ ඉඳලා ගොවි මහතුන්ගේ ආදායම වැඩි කරන්න තමයි වැඩි අවධානයක් ලබා දුන්නේ. වී රුපියල් 25ට දෙන්නත් බැරිව ගොවියෝ සියදිවි හානි කර ගත්තා. දැන් අපි රුපියල් 50ක සහතික මිලක් දෙනකොට ගොවියා 60ට, 65ට අද වී දෙනවා. වී මිල වැඩි වෙන කොට හාල් මිල වැඩි වෙනවා. 75%ක් ඉන්නේ මේ රටේ ග‍්‍රාමීය ජනතාව. මේ ග‍්‍රාමීය ජනතාවගෙන් 75%ක්ම ගොවි මහත්වරු. මේ අයගේ ආදායම් තත්ත්වය අපි වැඩි කරන්න ඕනෑ. ඒක තමයි මගේ පරමාර්ථය. මම මෙය පටන් අරගෙන තියෙන්නේ හොඳ පරමාර්ථයකින්. ඒකට මම ගොවි මහත්වරුන්ගෙන් සහයෝගය ඉල්ලා සිටිනවා.

advertistmentadvertistment
advertistmentadvertistment