මැණික් ගඟේ කිඹුලන් වැඩිවීමෙන් කතරගම බැතිමතුන්ගේ ජීවිත අවදානම්

349

කතරගම මැණික් ගඟේ කිඹුලන් ප්‍රමාණය වැඩිවී තිබේ. මෙම තත්ත්වය නිසා මැණික් ගඟේ නිමල දියෙන් පව්කුණු සෝදා හැරීමට ගඟට බසින බැතිමතුන්ගේ ජීවිත අනතුරට ලක්වෙමින් පවතී.

කතරගම අංක 02 පාළම අසලදී මාස දෙකක් තුළ පුද්ගලයන් සිව්දෙනකු මෙම කිඹුලන්ගේ සපා කෑම මත බරපතළ තුවාල ලබා තිබේ.

මෙයට අමතරව පසුගිය නෙවැම්බර් මාසයේ දී සෙල්ල කතරගම කාන්තාවක් කිඹුලකුගේ ගොදුරක් බවට පත්විය. මේ වන විට කතරගම අංක 01, 02, 03 යන පාළම් අසල අඩි 07 වැනි දිග ප්‍රමාණයෙන් කිඹුලන් සැරිසරමින් සිටී.

කතරගම ඇසළ මංගල්‍යය වෙනුවෙන් සෑම වසරකදීම වනජිවි නිලධාරීන් විසින් බැතිමතුන් ගැවසෙන ස්ථාන තුළ සිටින කිඹුලන් ඇල්ලීම සිදු කළත් මේ වන විට වසර 07 ක් පමණ වන කාලයක් පුරා මෙම කිඹුලන් ඇල්ලීම සිදු නොවීම මත මේ අයුරින් කිඹුලන් වැඩිවිවීමක් දැකිය හැකිය.

එළැඹෙන වෙසක් උත්සවය ඇතුළු සමයේදී බැතිමතුන් විශාල සංඛ්‍යාවක් පැමිණෙන හෙයින් ඔවුන්ගේ ජීවිත ආරක්ෂාව පතා මෙම කිඹුලන් හැකි ඉක්මණින් අල්ලා ගෙන යන ලෙස කතරගම ප්‍රදේශවාසීහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

කතරගම – කේ. ඩී. දේවප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment