එල්ලිලාද මැරුණේ මරලාද එල්ලුවේ

1149

නිකවැරටිය පොලිස් වසමේ පාසලක 11 වන ශ්‍රේණියේ උගත් අකලංකට බරපතළ හිසේ රුදාවක් සහ පීනස් අමාරුවක් තිබිණ. මේ නිසා ඔහු පාසලේ පන්ති කාමරය තුළ වැඩි හරියක් හිටියේ ඩෙස්ක් එකේ හිස ගසාගෙනය. දවසකට වතාවක් පාසල වටේ රවුමක් ගහන විදුහල්පතිතුමා ඩෙස්ක් මත ඔළුව තබාගෙන සිටින අකලංක දුටු හැමවිටකම තමුසේ අයිස් ගහනවා නේදැයි ඇසීමට පුරුදුව සිටියේය. අයිස් යනු ලාභ නමුත් ඉතා හානිකර මත්ද්‍රව්‍යයකි. විදුහල්පතිගේ අයිස් කතාව විදුහල පුරා පැතිර ගිය අතර ටික දිනකින් මචං උඹ අයිස් ගහනවා නේදැයි හැමෝම අකලංකගෙන් ප්‍රශ්න කරන්නට වූහ. මේ මානසික පීඩනය ඉවසා ගැනීමට බැරිවූ තැන අකලංක ගෙල වැලලාගෙන සිය දිවි නසාගත්තේය. මිය යන විට අකලංකගේ වයස අවුරුදු 16 කි. අදාළ පාසලේ ප්‍රින්සිපල් නොම්බර එකේ බූරුවකු වූ බැවින් අකලංකගේ ජීවිතය නැතිවිය. මේ සිද්ධිය මේ අවුරුද්දේ ජනවාරි මාසයේදී වූවකි. අකලංක කුඩුකාරයකු බවට පාසල පුරා ප්‍රසිද්ධ කළ ප්‍රින්සිපල් අදටත් චූන් එකේ රස්සාව කරගෙන සිටී. කෙනකු සිය දිවි නසාගැනීමට පෙළඹවීමේ වරදට දඬුවම් කිරීමේ නීතියක් ඇතොත් මේ ප්‍රින්සිපල් එල්ලුම් ගස් යා යුතුමය.

මරදානේ පොලිස් සැරයන් කෙනෙක් පසුගිය දිනක සිය උපන්ගම වූ හඟුරන්කෙතට ගොස් සියදිවි නසාගත්තේය. ඔහු වැඩිහිටියකු බැවින් එම සිද්ධිය පිළිබඳ ඒ තරම් අවුලක් නැත. මේ අතර අම්පාරේ සයින්දමරුදු කුර්ආන් මද්‍රසා පාසලේ වැසිකිළියක වහලයේ එල්ලෙමින් තිබූ 13 හැවිරිදි දරුවකුගේ මළ සිරුරක් 5 දා රාත්‍රියේදී සොයාගෙන ඇත. මද්‍රසා පාසල්වල ළමයි නේවාසිකව ආගම හදාරති. වැසිකිළියේ එල්ලෙමින් සිටි දරුවාද නේවාසික දරුවෙකි. සිද්ධියෙන් පසු දරුවාගේ ඥාතීහු පාසල වටකර විරෝධතා ව්‍යාපාරයක් පටන් ගත්හ. මේ මද්‍රසා පාසලේ පාලකයාට එරෙහිව විවිධ පැමිණිලි තිබේ. එකී සමහර පැමිණිලි ගැන අර්ථ නිරූපණය කළ හැකි අතර තවත් සමහර වැරදි ගැන අර්ථ නිරූපණය කරන්නට ගියොත් සදාචාරය කඩ වේ. මේ දරුවා කිසියම් අඩන්තේට්ටමකට ලක් කිරීමෙන් පසු වැසිකිළි වහලයේ එල්ලුවා විය හැකිය. අවුරුදු 13 ක ළමයකුට ගෙල වැලලාගෙන මියයෑමට තරම් ආත්ම ධෛර්යයක් තිබේද? එවැනි ආත්ම ධෛර්යයක් එවැනි දරුවකුට තිබිය හැකි නමුදු ප්‍රතිශතයක් වශයෙන් ගත්කල ඉතා අල්පය. සාමාන්‍යයෙන් කුඩා දරුවෝ මැරෙන ක්‍රමයක් ගැන කල්පනා නොකරති. මනෝ වෛද්‍යවරුන්ගේ මතයට අනුව මරණයේ හැඟීම දරුවකුට එන්නේ අවුරුදු 15 ඉක්මවූ පසුවය. ලංකාවේ සිය දිවි නසාගැනීම් ක්‍රමයෙන් ඉහළ නගිමින් පවතී. ක්‍රිස්තු වර්ෂ 2000 ට පෙර මේ රටේ සිය දිවි නසාගැනීම් අනුපාතය සෑම පුද්ගලයන් ලක්ෂකටම 35% ත් 44% අතර ප්‍රමාණයකි. සියදිවි නසාගැනීමට අවශ්‍ය කරන උපකරණ බොහෝදෙනා අත පොවන හරියේ තිබේ. සියදිවි නසාගැනීමේ අපේක්ෂාවෙන් පෙළෙන කෙනකුට කෝච්චියට පැනිය හැකිය. කෘමිනාශක පානය කළ හැකිය. ගෙල වැලලාගත හැකිය. ළිං වලට හෝ ගංගා වලට පැණිය හැකිය. උස ගොඩනැගිලි වලින් බිමට පැනීම, වෙඩි තබාගැනීම, ඇසිඩ් පානය කිරීම සිරුරට ගිනි තබාගැනීම යනාදිය කළ හැකිය. සිය දිවි නසාගන්නා තැනැත්තා අවසන් මොහොතේදී එම තීන්දුව ගැන බලවත් සේ කනගාටු වෙයි. එයට හේතුව මරණීය වේදනාවය. සිය දිවි නසාගැනීම නැති කිරීමේ ව්‍යාපාරයක් රජය හෝ රාජ්‍ය නොවන සංවිධාන විසින් ආරම්හ කළ යුතුව තිබේ. මෙවැනි සංවිධාන කිහිපයක් දැනටමත් තිබෙන අතර ඒවායේ ක්‍රමවේද ඵලදායි නැත. උදාහරණයක් ලෙස ඇතැම් සංවිධාන දුරකථන අංකයක් සහිත පුවත්පත් දැන්වීමක් පළකර මැරෙන්නට හිතුනොත් එම අංකයට කතා කරන්නැයි ජනතාවගෙන් ඉල්ලයි. දිවි නසාගන්නට හිතෙන එකා තෙවන පාර්ශ්වයකට කතාකර මන් මැරෙන්නද එපාද යන්න අසමින් සිටින්නේ නැත. ඒකා සියදිවි නසාගැනීමේ තීරණයට එළඹුණු වහාම ළඟම තියෙන ගඟට පනී. නැත්නම් වහ බොයි. සියදිවි නසාගැනීම වැළැක්වීමේ නිසි ව්‍යාපාරයක් පවත්වාගෙන යෑමේදී කළ යුත්තේ තම පවුලේ සාමාජිකයකු සියදිවි නසාගැනීමට තරම් දරුණු අසහනයකින් පෙළෙන්නේ නම් ඒ බව හඳුනාගෙන වගකිවයුත්තන් දැනුවත් කරන ලෙස දැන්වීමය. එවිට ඔහු හෝ ඇය සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය හැකි අතර ඔහුට හෝ ඇයට ඇති ප්‍රශ්නය හඳුනාගෙන උපදේශනයකට ඔහුව හෝ ඇය ලක්කළ හැකිය. ජාතික මානසික සෞඛ්‍ය ආයතනය මගින් පවත්වන ලද සමීක්ෂණයකට අනුව මේ රටේ වැසියන් 4000 ක් සෑම අවුරුද්දකම සියදිවි නසාගනී. එසේ මිය යන්නෝ වයස අවුරුදු 15 ත් 44 ත් අතර අය වෙති. 1948 ට පෙර අවුරුදු පතා මේ රටේ වැසියන් සෑම ලක්ෂකයටම නව දෙනෙක් සිය දිවි නසාගත්හ. 1970 න් පසු ඒ ගණන 19 ක් විය. 1985 වන විට මේ ගණන 33% කි. අලුත්ම සංඛ්‍යාත්මක දත්තවල හැටියට අද මේ ගණන 15% කි.

මධ්‍යකාලීන යුගයේදී මෙලොව බිහිවූ හොඳම ජනගහන විශේෂඥයා ලෙස සැලකෙන බ්‍රිතාන්‍ය ජාතික තෝමස් මැල්තස් නමැති කතෝලික පියතුමා වැදගත් න්‍යායක් ඉදිරිපත් කර ඇත. එනම් පාලනය නොකරන ජනගහනය සෑම අවුරුදු 25 ට වරක්ම දෙගුණ වන බවය. එහෙත් ස්වභාවධර්මය මෙයට ඉඩදෙන්නේ නැත. මහපොළවට දැරිය හැකි තරම් ජනගහනයක් පවත්වාගෙන යෑම සඳහා ස්වභාවධර්මය විසින් අවශ්‍ය අවස්ථා වලදී ගංවතුර, වසංගත, භූමිකම්පා, ගිනි කඳු පිපිරීම්, සුනාමි වැනි දේවල් නිර්මාණය කරනු ලැබේ. සියදිවි නසාගැනීමද එවැනි COMPONENT එකකි. මේ COMPONENT එක තුළ වෙනසක් පවතී. අනිත් ඒවා මෙන් නොව මෙය පාලනය කළ හැකිය. සමාජය විසින් ඒ චාන්ස් එක ගත යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment