බහු භාණ්ඩක භික්ෂුවගේ අකීකරුකම

534

එක් ශිෂ්‍ය භික්ෂුවක් බුදුරජාණන් වහන්සේ ඉදිරියෙහි අකීකරු ලෙස හැසුිරුනේය. ඔහුගේ අතීත වතගොත හො`දින් දන්නා බුදුන් වහන්සේ ඔවුන් කෙරෙහි කිසි කලෙක කළකිරුනේ නැත. ඔහුට අනුකම්පාවම දැක්විය. සැවැත් නුවර පොහොසත් පවුලක ගෘහපතියෙක් තම බිරි`ද මියගිය පසු මහණ වී ගෙදර තිබුණු බඩුමුට්ටු, රෙදිපිළි, ධන ධාන්‍ය ආදි සියල්ල පන්සලට ගෙන්වා ගෙන වැඩකරුවන් ලවා හො`දට උයවා පිසවාගෙන කමින් බොමින් දවාලට පොරවන සිවුරු රැුට නොපොරවා, ?ට පොරවන සිවුරු දවාලට නොපොරවා බොහෝ පිරිකර බඩු භාණ්ඩ ඇතිව විසීය.

 එම නිසාම ඔහු බහු භාණ්ඩක නමින් ප‍්‍රසිද්ධ විය. දිනක් තමන් සතු සිවුරු ඇ`ද ඇතිරි රාශියක් අව්වේ වනා වේලෙන තුරු පැත්තකට වි බලා සිටින විට බොහෝ දනව් සැරිසරණ භික්ෂුහු එහි පැමිණ රදා තොටක පිළිවනාපියා තුබුවාසේ බොහෝ සිවුරු හා පිළි වාපියා තුබුවා දැක මේවා කාගේ දැයි විමසීහ. බහුභාණ්ඩක භික්ෂුව ඒ සියල්ල තමන්ගේ බව කී විට ඇවත්නි, බුදුන් අනුදැන වදාළේ තුන්සිවුරු පාත‍්‍ර පමණක් නොවේද? අල්පේච්ජ වු බුදුන් වහන්සේගේ සසුනේ මහණව මෙතරම් පිරිකර ගොඩක් එකතුකර ගෙන සිටින්නේ මන්දැයි අසා බුදුරදුන් ළගට එක්කරගෙන ගොස් ඒ බව පැමිණිලි කළහ. එවිට බුදුහු සැහැල්ලූ ජිවිතයෙහි අනුසස් කියමින් සිටියදී ලත් දෙයක් දන් නොදී බොහෝ පිරිකර රැුස් කරගෙන සිටින්නේ ඇයිදැයි අසන ලදී.

 භික්ෂුවට ක්ෂණයෙන් තරහ ගියේය. පොරවාගෙන සිටි සිවුරු සිව්නක් පිරිස මැද පැත්තකට විසි කොට ඔබ වහන්සේ කියන්නේ මට මෙහෙම ඉන්න දැයි ඇ`ද තිබුණු අදනයෙන් පමණක් යුක්තව සිටියේය. බුදුරුදුන් ඉදිරියෙහි ඒ භික්ෂුව දැක්වු අවිනීති, දඩබ්බරකම ගැන සෙනග මවිත වී බලා සිටියහ. එවිට බුදුහු ඔහු කෙරෙහි අනුකම්පා කළ යුතු අවස්ථාවක් සේ සැලකීය.

 අද ඔබ ලැජ්ජා බිය නැතුවා සේම මින් පෙරත් ආත්මයක දිය රකුසෙක්ව ඉපිද අවුරුදු දොළහක් මුළුල්ලේ ලැජ්ජා බිය යනු කුමක්දැයි දැනගනු ස`දහා එය සොයමින් සිටියේය. එකල ද ලැජ්ජා බිය ගැන එතරම් සැලකිල්ලක් දැක්වු ඔබ මේ ගරු කටයුතු සසුනෙහි පිවිදිව සිවුවනක් පිරිස මැද සිවුරු විසි කොට ලැජ්ජා නැතිව සිටින්නේ කුමක් නිසාදැයි ඇසුහ. භික්ෂුවට හො`ද සිහිය ලැබිමත් සමග හනික බිම තිබුණු සිවුරුගෙන පොරවා ගත්තේය.

 ශාස්ත‍්‍රවේදී බුදුගල ජිනවංස හිමි

 සංස්කරණය – නිශාන්ත අමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment