අප්පච්චිගෙ අසනීපය මාර්කට් කරලා ජනප්‍රිය වෙන්න කැමති නැහැ – ඉරෝෂි සූරියසේන

1068

ගීත ටික බලාගන්න මල්ලි ලංකාවට එනවා

පසුගිය සතියේ පවත්වපු සුමති ටෙලි සම්මාන උළෙලේ දී තිබුණු සුපිරි ම වැඩේ තමයි ප්‍රියා සූරියසේන වෙනුවෙන් කරපු ටි්‍රබියුට් එක වගේ ම ඔහුට ලබාදුන් ජීවිතයට එක්වරක් පමණක් ලබාදෙන සම්මානය. මේ සම්මාන උළෙලේ නළු නිළියන් ලබාගත්තු සම්මානවලට වඩා මේ සිද්ධිය සමාජ මාධ්‍යයේ හතර අතේ ෂෙයාර් වෙන්න පටන් ගත්තා.

ප්‍රියා සූරියසේන ස්ටේජ් එකට ගෙනැල්ලා සම්මානය දුන්නාට පස්සෙ උත්සව ශාලාවේ පිටිපස්සෙ ඉඳලා ලැබෙන සම්මාන සෙලිබි්‍රටි කර කර හිටපු නළු නිළියන් සෙට් එක මොනාක් ඉම්පීරියස් හෝටලයට ම ඇහෙන්න සද්දෙට කෑගහලා ‘රටකින් එහා ඉගිලී. ගීතය ගායනා කිරීමත් එක්කම මුළු ශාලාවෙන් ම ඇසුණේ එකම හඬකි. ඇත්තට ම ඒ දසුන දැක්කහම කෙනෙකුට හිතෙන්න පුළුවන් ප්‍රියාව ස්ටේජ් එක උඩට ගෙනැල්ලා දුන්න සම්මානයට වඩා වටින වැඩක් වුණේ කියලා.

අප්පච්චිගෙ අසනීපය මාර්කට් කරලා ජනප්‍රිය වෙන්න කැමති නැහැ - ඉරෝෂි සූරියසේන

ඇත්තට ම ප්‍රියා සූරියසේනට” ඔහුගේ බිරිඳට වගේම දරුවන්ට මොනතරම් සතුට දනවන කාරණකාවක් වෙන්න ඇතිද? ඒ කරපු ශ්‍රේෂ්ඨ වැඩේට තිලංග සුමතිපාල ඇතුළු සුමති ටෙලි සම්මාන උළෙලේ සියලු ම සංවිධායක මණ්ඩලයට තැන්ක් යූ කියලා අපිත් සැලියුට් එකක් දාන ගමන් ප්‍රියාගේ ගෙදරට ගොඩවෙන්න තමයි කල්පනාව. මොකද දන්නවා ද? මේ සිද්ධියෙන් පසුව ප්‍රියාගේ සැපදුක් බලන්න හතර අතින් කලාකරුවෝ රසිකයෝ එන්න පටන් අරගෙන. අපිත් පුංචි වෙලාවක් ඉල්ල ගන්න බලාගෙනත් එක්ක ප්‍රියාගේ දුව ඉරෝෂි සූරියසේනට කතා කළා. ඉතිං ඒ කතාව නොලියා බැහැනේ. මොකද ප්‍රියා ගැන මේ වෙලාවේ හැමෝම කතාබහ වෙනවනේ.

සුමති සම්මාන උළෙලේ දී නළු නිළියන් ගත්තු සම්මානවලට වඩා කතාබහ වෙන්නේ ඔබේ පියාගේ සිද්ධිය. එදා රාත්‍රිය ගැන ඇත්තට ම මොකද හිතෙන්නේ ?

ඇත්තට ම එදා රාත්‍රිය ගැන මට ගොඩක් සන්තෝස හිතුණා. අප්පච්චිට කලාකරුවෝ කොච්චර ආදරෙයි ද? අප්පච්චිගේ ගීත කලාකරුවන්ගෙන් කීදෙනෙක් වැළඳගෙන තියෙනවා ද? ඇත්තට ම ඒ සම්මානය වගේ ම ඊට අමතරව ජනතා සම්මානයකුත් අප්පච්චිට ලැබුණා. ‘රටකින් එහා. ගීතය සභාව ම ගායනා කළා. මගේ පියා ගැන හරිම ආඩම්බරයක් දැනුණා. මොකද අප්පච්චි ඔහුගේ ගීත මගින් රටේ ජනතාවට කොච්චර බලපෑමක් කරලා තිබෙනවා ද කියලා.

අප්පච්චිගෙ අසනීපය මාර්කට් කරලා ජනප්‍රිය වෙන්න කැමති නැහැ - ඉරෝෂි සූරියසේන

සම්මාන රාත්‍රියට යනකොට මේ වගේ පිළිගැනීමක් තිබේවි කියලා හිතුව ද?

අප්පච්චිව සම්මාන උළෙලට එක්කගෙන යන්න අපි මුලදී කැමැති වුණේ නැහැ. මොකද අප්පච්චිත් අසනීප තත්ත්වයෙන් ඉන්නේ. පසුව තිලංග සුමතිපාල මහත්තයා කතා කරලා කිව්වා මට මේ සම්මානය ඔහුට දෙන්න ම ඕනෑ කියලා. අනනිවාර්යයෙන් ම මේ සම්මානය ලැබිය යුතු කෙනෙක් හින්දා කොහොම හරි එක්කගෙන එන්න කියලත් කිව්වා.

මුලින්ම සම්මාන උළෙලට යන්න අකමැත්තක් තිබුණා ද?

අකමැත්තෙන් හිටියේ කියන්නේ අප්පච්චි අසනීප වුණාට පස්සේ අපි එයාව කොහේවත් එක්කගෙන ගියේ නැහැ. අනික අපි දන්නෙ නැහැනේ ප්‍රේක්ෂකයා ඒක කොයි විදිහට බලයි ද කියලත්. අනික අප්පච්චි හිසරදයක් හැදුණත් කියන්න අකමැති කෙනෙක්. ඒක හින්දයි මුලදී ටිකක් අකමැති වුණේ. අපි එතැනට එක්කගෙන ගිය එකෙන් අප්පච්චි ගොඩාක් සන්තෝස වුණා. රටේ පිළිගත් කලාකරුවන් අප්පච්චිගේ ගීත ගායනා කිරීමත් එක්ක අප්පච්චි ගොඩක් සංවේදී වුණා. ඒකයි අප්පච්චි හැඟීම්බරවෙලා කතාකරන්නත් බැරි වුණේ.

අප්පච්චිගෙ අසනීපය මාර්කට් කරලා ජනප්‍රිය වෙන්න කැමති නැහැ - ඉරෝෂි සූරියසේන

සම්මාන උළෙලින් පසුව මේ වීඩියෝව වයිරල් වෙයි කියලා හිතුව ද?

ඇත්තට ම මෙච්චරම වයිරල් වෙයි කියලා හිතුවෙ නැහැ. නමුත් සෙනඟ කතා වෙයි කියලා හිතුවා. ඒකෙන් තේරෙනවා අප්පච්චිට ජනතාව කොච්චර ආදරෙයි ද කියලා.

මේ සම්මාන උළෙලේ දී භාතිය සන්තුෂ්” රූකාන්ත” රයිනි” සංඛ” උමාරා කරපු ටි්‍රබියුට් එක ගැන මොකද හිතන්නේ?

ඇත්තට ම ගොඩක් සන්තෝස වුණා. මොකද මට පසුව තමයි දැනගන්න ලැබුණේ ඔවුන් ඒ සඳහා සුමති සංවිධායක මණ්ඩලයෙන් කිසි ම මුදලක් අය නොකර අප්පච්චි වෙනුවෙන් ම ඒක කළා කියලා. අප්පචිච් ලොකු කුඩා නවක ප්‍රවීණ කියලා බැලුවේ නැහැ. හැමෝමත් එක්කම සුහදව වැඩකරපු කෙනෙක්. හැමෝම අප්පච්චිට ආදරෙයි.

මේ සිද්ධියෙන් පස්සේ ඉරෝෂිට හතර අතින් දුරකථන ඇමතුම් ගලාගෙන එනවා කියන්නේ?

අප්පච්චිව බලන්න එන්නද කියලා අහලා කලාකරුවන් රැසකගෙන් දුරකථන ඇමතුම් එනවා. ඒ වගේ ම රසික ජනතාව ගෙන් හරියට දුරකථන ඇමතුම් එනවා අප්පච්චිව බලන්න එන්න ද කියලා අහලා. ඇත්තටම මේ වෙලාවේ ගොඩක් කලබල කරන්න එපා. මොකද අප්පච්චි ටිකක් අසනීපයෙනුත් ඉන්න කෙනෙක්නේ. අප්පච්චි අසනීපයෙන් ඉන්නෙ කියලා කාටවත් දැනගන්නවත් තිබ්බේ නැහැ. මම හිතනවා අප්පච්චි ඉක්මනට ම සනීපවෙයි කියලා.

අප්පච්චි අසනීපවෙලා කොච්චර කාලයක් වෙනවා ද?

අවුරුද්දයි මාස තුනක් වගේ වෙනවා.

රසිකයෝ එහෙම කතා කරනකොට මොනවා ද කියන්නේ?

මේ වෙලාවේ එන්න එපා කියලා තමයි කියන්නේ. අප්පච්චිගේ නෑදැයන්” සංගීත කේෂ්ත්‍රයේ මිතුරන්” කලාකරුවන්” අප්පච්චිව බලන්න නිතර නිතර එනවා. මේ වෙලාවේ කලබල කරන්න එපා කියලයි රසිකයන්ගෙන් ඉල්ලන්නේ. ඇත්තට ම ගෙදර වුණත් හරිම කලබලයක්.

අප්පච්චි ගෙදරට එන අයත් එක්ක කතාබහ කරනව ද?

අප්පච්චි ඒ ඔක්කොටම කතාබහ කරනවා. අප්පච්චිට හොඳ මතකයක් එහෙම තියෙනවා. එතැනදී නම් කතා කරගන්න බැරිවුණේ අප්පච්චි සංවේදී වැඩිවුණ හින්දයි. අප්පච්චිට ඇවිදින්න එහෙම පුළුවන්. එදා අපි රෝද පුටුවේ තියාගෙන ආවේ පහසුවට. අප්පච්චි ගෙදර එහෙම ඇවිදලා තමන්ගේ වැඩ ටික කරගන්නවා.

ඔය අතරේ ගීත රීමේක් කරන්න” ගීත ඉල්ලගෙනත් ඇමතුම් එහෙමත් එනවා ඇති නේද?

ඇත්තට ම එනවා. මුළු ලංකාවේ ම වයිරල් වුණු මේ සිද්ධියෙන් අයුතු ලෙස ප්‍රයෝජනයට ගන්න මම කැමැති නැහැ. මම තෝරා බේරාගෙන විතරයි වැඩසටහනකට පවා යන්නේ. දුව විදිහට අනවශ්‍ය ලෙස අප්පච්චිගේ අසනීපය මාර්කට් කරලා ජනප්‍රියත්වයක් ගන්න මම කැමැති නැහැ. අප්පච්චිගේ ගීත වුණත් මම ආවාට ගියාට රීමේක් කරන්න කැමැති නැහැ. ඒක විහිළුවක් වෙනවානේ. අනික ජනයා ආදරය කරන්නෙ අප්පච්චිට. ඒ දෙයින් අයුතු ලෙස ප්‍රයෝජනයක් ගන්න මම කිසිලෙසකින්වත් උත්සාහ කරන්නේ නැහැ.

මේ වෙලාවේ හරි පරිස්සමින් වැඩ කරන්නේ ?

ඔව්. මේ වෙලාවේ ගොඩක් දෙනෙක් බලන්නේ ඔවුන්ගේ බිස්නස් සහ මාර්කටින් වැඩ කරගන්න වගේ ම වීව්ස් වැඩිකරගන්න එක එක දේවල් හදලා දාන්න. එතකොට අපි කල්පනා කරන්න ඕනෑ මේ වගේ වෙලාවට මොනවගේ දේවල් ද කරන්න ඕනෑ කියලත්. අප්පච්චි සූරාකන ලෙවල් එකට කිසිම දෙයකට එකඟතාවයකට පත්වෙන්නේ නැහැ.

තාත්තා ගැන දුවට තිබෙන්නේ මොනවගේ ආඩම්බරයක් ද?

බොරු කියන්න ඕනෑ නැහැ. ඉස්කෝලෙ යනකාලේ ඉඳලා අප්පච්චිගේ නම කිව්වහම අපිට ලොකු පිළිගැනීමක් තිබුණා. මම” මල්ලි” අක්කා” නංගි” අප්පච්චිගේ නම කියලා තැනක කිසිම දෙයක් කරගන්න යන්නේ නැහැ” කරගෙනත් නැහැ. මොකද අප්පච්චි අපිට හොඳට ඉගැන්නුවා. මම බැංකුවක ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනියක්. අප්පච්චිගේ අසනීපය ජනතාවට මෙච්චර දරාගන්න බැරිදෙයක් වෙයි කියලා මම ඇත්තට ම හිතුවේ නැහැ. අප්පච්චි හොඳින් හිටියා. මාත් එක්ක අවුරුද්දකට කලින් රූපවාහිනී වැඩසටහනකට ගිහිල්ලා සින්දු කියලත් ආවේ. කවුරුවත් බලාපොරොත්තු වුණේ නැහැ අප්පච්චිව සම්මානය ගන්න මේ විදිහට ගෙනේවි කියලා. නමුත් හිතන තරම් අපි අප්පච්චිව රෝද පුටුවට දාලා නැහැ. අපි එදා තමයි අප්පච්චිව රෝද පිටුවේ අරගෙන ආවේ. ඒ එයාගේ පහසුව ගැන හිතලමයි.

මේ සිද්ධියත් එක්ක මල්ලි එහෙම කතා කළේ නැතිද ?

මල්ලිට වෙනම රසිකයෝ කතා කරනවා. මේ වෙලාවේ මම හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා අප්පච්චිගේ ගීත විකෘති කරන්න එපා කියලා. මල්ලි අප්පච්චිගේ වැඩටික බලන්න අගෝස්තු මාසයේ ලංකාවට එනවා. දිගට ම ලංකාවේ ඉන්න බලාගෙන තමයි එන්නේ. හැමෝම එන්න එපා කියනවා. ඇත්තට ම එයා ඇමරිකාවේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයෙක් විදිහට සේවය කරනවා. නමුත් දෙමාපියෝ වයසට ගිහිල්ලා ලෙඩවෙලා කියලා හිතලයි ලංකාවට එන්නේ. මම අප්පච්ගේ සින්දු ඔක්කොම විකෘති කරන්න කැමැති නැහැ. නමුත් අප්පච්චිගේ ගීත ප්‍රසංගවල ගායනා කරනවා.

ප්‍රසංගවලට ආරාධනා ලැබෙනවා ද?

ආරාධනා ලැබෙනවා. නමුත් ඇත්තම කිව්වොත් මම තේරා බේරාගෙන තමයි භාරගන්නේ. මොකද මම දවස් පහ ම සේවය කරන ජ්‍යෙෂ්ඨ බැංකු කළමනාකාරවරියක්. ඉතිං මම අප්පච්චිගේ ගීත වගේ ම මගේ ගීතත් ගායනා කරනවා. අප්පච්චිගේ ගීත වෙනසක් ඇති කරන්නත් වෙනස් කරන්නවත් ඉඩ දෙන්නේ නැහැ.

සම්මානය අරගෙන ගෙදරට ආවට පස්සෙ අප්පච්චි මොනවාද කිව්වේ?

අප්පච්චි කිව්වේ හරි පොඩි දෙයයි. ලස්සනට සංවිධානය කරලා තිබ්බා කියලා කිව්වා. ගොඩක් සතුටු හිතුණා කියලත් කිව්වා.

වේදිකාව උඩ දී ඔබේ නෙතටත් කඳුළු ආව නේද?

අප්පච්චි හරි සංවේදී වෙලා එයාගේ ඇස්වලට කඳුළු ආපු හින්දයි මටත් ඇඬුණේ. ඇත්තට ම තිලංග සුමතිපාල මහත්තයා ඒක හරිම ලස්සනට සංවිධානය කරලා තිබුණා. හරිම ලස්සනයි. මම හිතන්නේ තවමත් ඒ ටි්‍රබියුට් එක කට්ටිය නරඹනවා. දන්න කාලෙක කාටවත් මේ විදිහට උපහාර උළෙලක් සංවිධානය කරලා තිබුණේ නැහැ.

දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment