සඳහිරු සෑයේ චූඩාමාණික්‍යය පළඳයි

293


තිස් වසරක් පුරා පැවති යුද්ධයේදී රුදුරු කොටි ත‍්‍රස්තවාදීන් ගෙන් මව්බිම බේරා ගත් අභීත රණවිරුවන් සිහි කිරීමට ඉදිකළ අනුරාධපුර සඳහිරු සෑ රදුන්ගේ චූඩාමාණික්‍ය පැළඳ වීමේ පිංකම අද උදෑසන මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනය මධ්‍යයේ රණවිරුවන්ගේ සහභාගීත්වයෙන් එය පරිත්‍යාග කළ ආතර් සේනානයක මහතා අතින් සිදු කෙරිණි.

අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍යපාද පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි ඉදි කෙරුණු මෙම මහා චෛත්‍යරාජයාණන් වහන්සේ මහා සංඝරත්නයට සඟසතු කොට පූජා කිරීම, දෙස් විදෙස් බැතිමතුන් හට වන්දනාමාන කිරීමේ අවස්ථාව ලබා දීම මෙම මස 18 වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතවය.

advertistmentadvertistment
advertistmentadvertistment