ගල්බොක්කයාය කඳු සිමෙන්ති ගොඩේ ගිලෙනවා – වාසුදේව කියයි

155

පිටිගලකන්ද ගල්බොක්කයාය කඳු පන්තියේ අක්කර 256 ක ප්‍රමාණයක වානේ හා සිමෙන්ති කර්මාන්ත ශාලාවක් ඉදිකරමින් පාරිසරික විනාශයක් සිදුකිරීමට යන බවට තමාට තොරතුරු ලැබී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා “දිවයින ඉරිදා සංග්‍රහයට”ට පැවසීය.

තමා මේ ගැන මීට පෙර කැබිනට් මණ්ඩලයේ සිටියදීත් හඬ නගා ඇතැයිද හෙතෙම කියා සිටියේය.

තවදුරටත් කතා කළ වාසුදේව නානායක්කාර මහතා මෙසේද කීය.

මේ වෙන්න යන පරිසර විනාශය ගැන මං කීප අවස්ථාවකම හෙළිදරව් කළා. මේක සුන්දර පරිසරයක්. මම මේ පරිසර විනාශයට කැබිනට් මණ්ඩලයේදී පවා විරුද්ධ වුණා. මෙවැනි දෙයක් කරන්න කලින් ඒ ප්‍රදේශවාසී ජනතාවගෙන් විමසීමක් කරන්න තිබුණා. නමුත් එහෙම විමසීමක්වත් කරන්නේ නැහැ. කරන්න යන මේ පාරිසරික විනාශයට මම තදින්ම විරුද්ධයි. මම මේ ගැන ජනාධිපතිතුමාටත් ලිඛිතව ලියලයි තියෙන්නේ. මේ ගැන දැන්වත් බලධාරීන්ගේ අවධානය යොමුවෙන්න ඕන. මේ සුන්දර පරිසරය විනාශ වෙන්න ඉඩදෙන්න බැහැ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment