නීතිපති – මහ බැංකු අධිපතිගේ විරෝධතා ඉවතට – පුංචි ඡන්දය කල් දැම්මාට එරෙහි ජාජබ පෙත්සම් විභාගයට අවසර

257

මැතිවරණ කොමිෂන් සභාව විසින් පසුගිය මාර්තු 09 වැනිදා පැවැත්වීමට සැලසුම් කර තිබූ පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීමෙන් තමන් ඇතුළු රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට නිගමනය කරන ලෙස ඉල්ලා ජාතික ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ඇතුළු පිරිසක් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (27 දා) අවසර ලබා දුන්නේය.

එම පෙත්සම් විභාගයට ගැනීමට අවසර ලබා නොදී මුල් අවස්ථාවේදීම ප්‍රතික්ෂේප කරන ලෙසට නීතිපතිවරයා හා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ඉදිරිපත් කර තිබූ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කළ බුවනෙක අළුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු හා ගාමිණී අමරසේකර යන පංච පුද්ගල විනිසුරු මඬුල්ල සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් එම අවසරය ලබා දුන්නේය.

පළාත් පාලන මැතිවරණය නිසි කලට නොපැවැත්වීමෙන් රටේ ජනතාවගේ සර්වජන ඡන්ද බලයට දැඩි අගතියක් සිදුවන බවත් එබැවින් නීතිපතිවරයා හා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ඉදිරිපත් කළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කර සිය පෙත්සම් විභාගයට ගැනීමට අවසර ලබාදෙන ලෙසත් පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටිති.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment