ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 500ක් ගන්න කැබිනට් අනුමැතිය

199

අයවැය කටයුතු සඳහා අවශ්‍ය අරමුදල් සපයා ගැනීම සඳහා ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන පන්සියයක (500) මුදලක් ලබා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

ශ්‍රී ලංකාව සහ ලෝක බැංකුව අතර ඉකුත් මැයි මස 17 වැනිදා පැවැති සාකච්ඡාවක දී ඇතිකර ගත් එකඟතාවකට අනුව අදාළ මුදල මෙරටට හිමිවේ. එම මූල්‍ය පහසුකම ලබාගැනීම සඳහා ලෝක බැංකු සමූහයේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය හා ශ්‍රී ලංකාව අතර ගිවිසුමකට එළැඹීම පිණිස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන ආයෝජනාවකට මෙසේ කැබිනට් අනුමැතිය හිමිවී ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ඉකුත් මාර්තු මාසයේ දී ශ්‍රී ලංකාවට ලබාදුන් ඩොලර් මිලියන 2.9 විස්තීර්ණ ණය පහසුකමෙන් පසු මෙරටට ලැබෙන විශාලතම මූල්‍ය සහාය මෙය වේ.
සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment