බටලීය හැඩවූ රිය අනතුර

832

කොළඹ-නුවර ප්‍රධාන මාර්ගයේ සිදුවූ අනතුරකින් 22 හැවිරිදි තරුණියක් මියගොස් ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ කඳාන ප්‍රදේශයේ පදිංචි රසාංජලී නමැති තරුණියකි.
ඇය සිය පෙම්වතා සමඟ ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් චාරිකාවක් ගොස් නැවත පැමිණෙමින් සිටියදී මෙම අවාසනාවන්ත අනතුරට මුහුණදී තිබේ.
ඔවුන් කජු මිලදීගැනීම සඳහා කොළඹ -නුවර ප්‍රධාන මාර්ගයේ බටලීය කජුගම ප්‍රදේශයේදී සිය ස්කූටර් වර්ගයේ යතුරුපැදිය මාර්ගය අයිනේ නවතා ඇත.

මියගොස් ඇති තරුණිය යතුරුපැදිය අසළ සිටියදී පෙම්වතා කජු වෙළෙඳසැලක් වෙත ගොස් තිබේ.
ඒ අතර අධික වේගයෙන් කොළඹ දෙසට ධාවනය වූ බස් රථයක් යතුරුපැදිය අසළ සිටි තරුණියද යටකරගෙන අසළ පිහිටි කාණුවකට වැටී නැවතී තිබේ

අනතුරින් බරපතළ තුවාල ලැබූ තරුණිය එම ස්ථානයේදීම මියගොස් ඇත.

බස් රථය යුද හමුදාව වෙත කුලී පදනම මත ලබාගෙන තිබේ. එහි රියදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
නිට්ටඹුව පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

advertistmentadvertistment
advertistmentadvertistment