මහා පරිවර්ථන යෝග බලයෙන් රජකම ලද ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ

840

පළමු කොටස

අපගේ ලක් ඉතිහාසය දෙස ආපසුු හැරී බැලීමේදී මෙරට පාලනය කළ රජවරුන්ගේ දස්කම්, විස්කම් මෙන්ම මෝඩකම් ද අනන්තවත් දැකගත හැකිය.

සමහර රජවරුන්ගෙන් හා දේවීන් වහන්සේලාගෙන් අප හෙළබිමට එතරම් සේවයක් සිදු නොවුණ අතර දුටුගැමුණු, මහා පරාක‍්‍රමභාහු, 1 වන විජයබාහු, මහා වළගම්බා වැනි නරපතියන්ගෙන් රට, දැය සමයට සිදුවූ සේවය ඉතිහාසයේ රන් අකුරෙන් ලියැවී තිබේ. ඔවුන් අප මව්බිම ආරක්ෂා කර ගැනීම සඳහා තම දිවි පරදුවට තබා උපරිම ශක්තියෙන් කටයුතු කළ නර නිරිඳුන් වූහ.

අප රටේ අවසන් රජතුමා වූ ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජතුමාගේ රාජ්‍ය කාලය තුළ අපගේ මව්බිමෙහි සිදුවූ අභාග්‍යමත් දේශපාලනික හා සමාජීය සිදුවීම් මාලාව ඉතිහාසයේ සටහන්ව ඇත්තේ රන් අකුරෙන් නම් නොවේ.

පිළිමතලව්වේ වැනි අවස්ථාවාදි රදළයන්ගේ මුසා බසට රැුවටෙමින් ස්ත‍්‍රීන්ටත්, සුරාවටත් ලොල් වෙමින් කෲරතර රාජ්‍ය පාලනයක් ගෙන ගිය ශ‍්‍රී වික‍්‍රම රාජසිංහයන්ගේ පාලනය අවසන් වූයේ ඉතා ඛේදනීය ලෙසිනි. ක‍්‍රි. ව. 1780 ජනවාරි මස 02 වන දින උදේ 9.44 ට කන්ද උඩරටදී උපත ලද කන්නසාමි කුමරු සිංහලයකු නොවූ අතර නායක්කර් වංශිකයකු විය. මොහුට කන්දඋඩරට රාජධානියෙහි රජකම හිමිවූයේ තුන්සිංහලයේ අවසන් සිංහල රජතුමා වූ ශ‍්‍රී වීර පරාක‍්‍රම නරේන්ද්‍රසිංහ රජුගෙන් පසුවය.

කන්නසාමි හෙවත් ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජුගේ කේන්දරය පහත දැක්වේ. ශනි හෙවත් සෙනසුරු ග‍්‍රහයාට අයත් කුම්භ ලග්නයෙන් හා අඟහරු හෙවත් කුජ ග‍්‍රහයාට හිමි වෘශ්චික නවාංශකයෙන් උපත ලබා ඇත. ජන්ම නැකැත වූයේ ගුරුට අයත් ‘විසා’ නක්ෂත‍්‍රයයි. මහ දශා ශේෂය ගුරුට අවුරුදු 04 යි, මාස 02, දින 20 ක් විය.

ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජුගේ උප්පත්ති කේන්දරය

සිංහල රාජවංශකයින් විදේශීය බිරින්දෑවරු සරණ පාවා ගැනීම නිසා, මෙලෙස නායක්කර් වංශිකයන්කන්ද උඩරට රාජධානියේ වර්ධනය වන්නට විය. සෙනරත් රජු තම පුත් කුමරා හට ඉන්දියාවෙන් බිසෝවරු ගෙන්නා දීමෙන් මෙම සිරිත ආරම්භ වූ බව කියැ වේ.

මහා පරිවර්ථන යෝග බලයෙන් රජකම ලද ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ

2 වන රාජසිංහ රජුද, ඔහුගේ පුත් 2 වන විමලධර්මසූරිය රජුද ඔහුගේ පුතුවූ නරේන්ද්‍රසිංහ රජතුමා ද ඉන්දියාවේ මදුරාපුරයෙන් බිසෝවරු ගෙන්වා සරණපාවා ගත්හ. මෙම බිසෝවරුන් සමඟ පැමිණි ඔවුන්ගේ ඥාති සමූහයා මෙහි පැමිණ නතරවූවා පමණක් නොව පසුකාලීනව රාජ්‍යයේ ඉහළ තනතුරු වලටද හිමිකම් පාන ලදී. එම නිසා සිංහල රාජ්‍ය තුළ දේශපාලන අවුල් වියවුල් ඇතිවීමට එය ප‍්‍රබල සාධකයක් වූ බව නොරහසකි.

පිළිමතලව්වේ මහා අධිකාරම යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඉතා තීක්ෂණ හා සූක්ෂම නුවණින් හෙබියා වූ සට කපටි පුද්ගලයකු විය. ආත්මාර්ථයෙන් ඔද වැඩුණු මොහු තම ආත්ම ලාභය වෙනුවෙන් ඕනෑම සිරිකිත වැඩක් කිරීමට මඳකුදු පසුබට නොවන ‘ජඩයකු’ ලෙස කන්ද උඩරට ජනතාව අතර ප‍්‍රචලිතව සිටියේය.

මදුරාපුරයෙන් මෙරටට ආ රුවැති කනවැන්දුම් ස්ත‍්‍රියක් සමග අනියම් සබඳතාවයක් පවත්වාගෙන යෑමට පිළිමතලව්වේ සමත් විය. මෙම රූමත් කතට එක් පිරිමි දරුවකු සිටි අතර ඔහු නමින් ‘කන්නසාමි’ විය. කුඩා කන්නසාමි කලක් ගතවන විට පිළිමතලව්වේ මහාදිකාරමගේ සමීපතම කුළුපඟයකු බවට පත් වූයේය.

එකල කන්ද උඩරට රාජධානියේ සිහසුන අරා සිටි රජුද, මදුරාපුරයෙන් පැමිණි මෙම කනවැන්දුම් රූමතියගේ පහස විඳගත්තේ කාටත් හොර රහසිනි. එහෙත් වැඩිකල් යන්නට මත්තෙන් එම රහස පිළිබඳව පිළිමතලව්වේ හට දැනගන්නට ලැබිණි. එයින් දැඩි සේ කෝපයට පත් හෙතෙම ඊර්ෂ්‍යාවෙන් පුපුරන්නට විය. හදපුරා මතුවූ වෛරයේ ගිනිදැල් අතරින් රජු මැරවීම සඳහා කඩිනමින් පිඹුරුපත් සකසන්නට ඔහු වගබලා ගත්තේය.

කන්නසාමි කුමරු අසිපත්වලට දැක්වූයේ ඉමහත් ආශාවකි. ඒ බව දත් පිළිමතලව්වේ රජු මැරවීම සඳහා කුඩා කන්නසාමිව පොළඹවා ගත්තේ අසිපතක් ලබාදීමෙනි.

සටකපට පිළිමතලව්වේගේ උපදෙස් අනුව කුඩා කන්නසාමි විසින් රජු ඝාතනය කෙරිණි. ඉන්පසු පිළිමතලව්වේ විසින් මවත්, පුතාත් ආරක්ෂා කරන ලදී. ඒ ඔහුගේ සිත තුළ සිරව තිබූ තවත් කූට සැලැස්මක් ක‍්‍රියාත්මක කිරීමේ අටියෙනි.

රජගේ මරණින් පසු රජකමට සුදුස්සා විය යුත්තේ ‘මුත්තුසාමි’ කුමරුය. එහෙත් පිළිමතලව්වේ තම ප‍්‍රයෝගකාරී යටි අරමුණ ඉටුකර ගන්නට සියලූ කටයුතු සූදානම් කරන ලදී. රජකම හිමි මුත්තුසාමි කුමරු හා ඔහුගේ සොහොයුරියන් තිදෙනා නිවාස අඩස්සියේ තැබූ පිළිමතලව්වේ බොහෝ දෙනාගේ විරුද්ධත්වය නොතකා කන්නසාමි කුමරුව ‘ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ’’ නමින් කන්ද උඩරට රජු බවට පත් කළේය.

ශ‍්‍රී වික‍්‍රම රජුගේ කේන්දරයේ එක් සුවිශේෂී ලක්ෂණයක් දැකගත හැකි විය. එනම් එතුමාගේ කේන්දරයේ ලග්නභාවය හා 10 වැන්න අතර වූ මහා පරිවර්ථන යෝගයයි. අටවිසි මහා පරිවර්ථන යෝග අතරින් බලගතු යෝගයක් ලෙස මෙය පෙන්වා දිය හැක.

රාජ යෝගයක් බඳු මෙම ප‍්‍රබල පරිවර්ථන යෝගයේ බලය හේතුකොට ගෙන කන්නසාමි කුමරුට කන්ද උඩරට සිහසුන හිමිවූ අතර උත්පත්ති කේන්දරයට අනුව සියල්ල සිදුවන්නට වැඩි කලක් ගත නොවිණි.

රාජ්‍ය පාලනය පිළිබඳව කිසිම පළපුරුද්දක් නොමැති කන්ද උඩරට අභිනව රජු වූ ශ‍්‍රී වික‍්‍රම රාජසිංහයන්ගේ ක‍්‍රියාකරන ලද්දේ කට්ට කෛයිරාටික පිළිමතලව්වේගේ මඟ පෙන්වීම හා උපදෙස් මතය. ඔහු තම සිතැඟි කන්නසාමි කුමරු ලවා ඉටුකරගත් අතර තමාට එරෙහිවූ සියල්ලන්ගෙන්ම පළිගැනීමට පිළිමතලව්වේ මොහොතක් හෝ ප‍්‍රමාද වූයේ නැත.

කන්නසාමි හෙවත් ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජුගේ කුම්භ ලග්න කේන්දරයේ ලග්නය පුරා අඟහරු හෙවත් කුජ ග‍්‍ර‍්‍රහයා තැන්පත්ව ඇති අතර 10 වැන්න වූ කර්මස්ථානයේ ලග්නාධිපති සෙනසුරු හෙවත් ශනි ග‍්‍රහයා පිහිටා ඇත. මෙම පරිවර්ථන යෝගය සාමාන්‍ය පරිවර්ථන යෝගයක් නොව මහා පරිවර්ථන යෝගයකි. එය එතරම්ම බලවත්ය. 10 වැන්න වූ වෘශ්චිකයේ අධිපති කුජ ලග්න භාවයේ තැන්පත් වීමෙන් එතුමාට ධෛර්ය, ශක්තිය, සටන්කාමිත්වය, උත්සාහය හා නිදහස්කාමී බව ලබාදී ඇත.

ඒ වනවිට පරසතුරු උවදුරින් හෙම්බත්ව සිටි අපගේ රට මුදාගෙන රට, ජාතිය හා ආගම බේරා ගැනීමේ මහඟු කාර්යයට දේශ හිතෛෂී වාරියපොල සුමංගල හිමියන් පවා රජු වටා එක් රොක් වූයේ රජුගේ එඩිතර භාවය පිළිබඳව පැහදුණ හෙයිනි. ලග්නභාව ගත කුජගෙන් ලද ආශිර්වාදය ශ‍්‍රී වික‍්‍රම රජුගේ ආත්මය පුරා විහිදී ගිය අතර 10 වැන්නේ පිහිටන ලද සෙනසුරු ධනය, බලය හා රැකියාව රජුට ලබාදීමට මහත් දායකත්වයක් දක්වන ලදී.

රජුගේ රැකියාව වනුයේ රජකම නොහොත් රාජ්‍ය පාලනයයි. ලග්නය හා රැුකියා ස්ථානය (1 සහ 10) අතර යෙදුණු මහා පරිවර්ථන යෝගයේ බල මහිමයෙන් ශ‍්‍රී වික‍්‍රම රාජසිංහයන්ට රජකම හිමිවිය. සියලූ සැප සම්පත් භුක්ති විඳීමේ වාසනාව ද ශ‍්‍රී විභූතියද ඔහු කරා පැමිණියේ එම මහා පරිවර්ථන යෝගයට පින්සිදු වන්නටය.

ඉතිරි කොටස ලබන සතියේ

මහා පරිවර්ථන යෝග බලයෙන් රජකම ලද ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ



පාරම්පරික ජ්‍යොතිෂවේදී දිවුලපිටියේ ඩග්ලස් ගුණවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment