පොල් ගැසීම: එහි ප්‍රතිඵල

696

මෙහි පළමු කොටස පසුගිය සතියේ පළවිය

පොල් ගැසීම: එහි ප්‍රතිඵල

ඔබ ගැසූ පොල් ගෙඩිය මේ ආකාරයෙන් බිඳි ගියේ නම් ඔබ කුමන කරුණකට පොල් ගැසුවත් එයින් ඉස්මතු වී පෙනෙන්නේ ඔබ ගැනයි ඔබේ ශරීරයේ කුමන හෝ රෝගී තත්ත්වයක් සැඟවිලා ඇති බවත් එයින් ඔබ පීඩා වන බවත් ළඟදීම එහි ප්‍රතිඵල ලැබෙන බවත් කිව යුතුයි.

ඔබ නරක දෙයක් වෙනුවෙන් පොල් ගැසුවේ නම් මෙයින් පැහැදි වන්නේ ඔබ සම්පූර්ණම නිර්දෝශ කෙනෙක් නොවේ. ඔබේ අතේ ද යම් කිසි වරදක් තියාගෙනයි ඔබ පොල් ගෙඩිය බින්දේ. ඇත්තෙන්ම පොල් ගැසීමේදී මොනම ආකාරයෙන්වත් අපේ අතේ වරද තබාගෙන අන් අයට පොල් ගසන්නට නොයන්න. සියලු දේ අපේ පැත්තට කැරකිලා එන්න ඒ හැටි වෙලාවක් ගත නොවේ.

මීට අමතරව ගැහැනු බෑව පැත්ත කැබලි කීපයකට හෝ කුඩාවට කැඩී ගියා නම් කුමන කාරණාවක් වුවත් එය ඔබට ම වාසි ගෙන දෙමින් ඔබේ පැත්තට ම කැරකිලා එන බවයි.

ඒ වගේම තමයි පිරිමි බෑව කැබලි කීපයකට කැඩී ගියේ නම් සුබ කටයුත්තක් සිතාගෙන පොල් බින්දේ නම් එය ඉටු නොවේ. නමුත් එය අසුබ නරක කාරණාවකට පොල් ගැසුවේ නම් ඔබේ කටයුත්ත ඒ ආකාරයෙන්ම ඉෂ්ට වෙයි. සතුරන් මර්දනය වෙයි. හැබැයි මේ දේ කිව යුතුයි. ඔබට අපල සහගත බවක් පෙන්නුම් කරයි. විවාහ නොවූ කෙනෙක් නම් විවාහය ප්‍රමාද වෙයි. විවාහ වූ අයගේ ිවිවාහ ජීවිතයේ යම් යම් ගැටලු සහගත බවක් ගෙන දේ. ජීවිතේ බොහෝ දෙච් තෘප්තිමත් නොවේ. ඇත්තෙන්ම අපල සහගත කාලයක් ඔබ පසු කරමින් සිටින්නෙ. එබැවින් පුළුවන් තරම් සියලුම ඔබේ ජීවිතයට සම්බන්ධ කාරණා ඔබ විසින් හොඳින් සිතා බලා කළ යුතු වන බවයි. අපල, හදිසි අනතුරු කරදරවලින් ද ප්‍රවේශම් වන්න.

ඔබ බිඳින පොල් ගොඩිය කෑලි කෑලිවලට කුඩු වී සුණු විසුණු වී ගියේ නම් ඇත්තෙන්ම ඔබ කුමක් සිතුවත් එම කටයුත්ත ඉටු නොවන බවත් මෙය හොඳ දේ සඳහායි. බලන්න ඔබට විරුද්ධව කවුරුන් හෝ නැඟී සිටින බවත් ඔබව පහළට හෙළිමට කටයුතු කරන බවත් ඇත්තෙන්ම හොඳින් සිටින ළඟම කෙනෙක් ඔබට කටුවෙන් අනින බව සිහි තබා ගන්න. විශේෂයෙන් විවාහය වැනි කටයුතුවලදී ප්‍රවේශම් වන්න.

ඔබ බින්ද පොල් ගෙඩිය කුඩු වී සුණු විසුණු වී ගියේ නම් ඔබ නරකට ගැසුවේ නම් ඇත්තෙන්ම ඔබේ කාරණය ඉටු වෙයි. ඕනෑම දඬුවමක් ලැබේ. ග්‍රහ අපල සඳහා නම් බොහෝ දුරට ග්‍රහ අපල දුරු වෙයි. ඔබේ පොල් ගෙඩිය තුනකට බිඳි ගියේ නම් ඔබේ කාරණාව සුබ වෙයි. නමුත් බොහෝ දුරට ඔබ එකම තැන පල් වෙන චරිතයකි. කෙසේ හෝ අපල සඳහා හෝ සුබ කටයුත්තක් හෝ වේවා සුබ වෙලාවකට කලාවකට සිද්ධ වන්නේ නම් එහි ප්‍රතිඵල ඉක්මනින්ම ලැබේ. මෙය දැනගෙන කළහොත් බොහෝ ප්‍රතිඵල ලබාගත හැක.

පොල් ගැසීම: එහි ප්‍රතිඵල

ඉවෝන් දිසානායක
දුරකතන අංකය 071-5723434

advertistmentadvertistment
advertistmentadvertistment