ආදර්ශවත් නායිකාවක් – අස්ගිරි මහ නාහිමිගෙන්  ශෝක පණිවුඩයක්

120

බි්‍රතාන්‍ය රාජකීයයන්ව මෙරට ජනතාව ඉතා ගෞරවයෙන් සලකනු ලබන බවත් විශේෂයෙන්ම කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නව යුගයක් ගොඩනැගීමට දායක වූ දෙවන එළිසබෙත් මහ රැජනට මෙරට ජනතා හදවත් තුළ විශේෂ ස්ථානයක් හිමිව තිබෙන අතර ඇය ආදර්ශවත් නායිකාවක් බවත් අස්ගිරි මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහානාහිමියෝ රැජනගේ අභාවය නිමිත්තෙන් ශෝක පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කරති.

පොදුරාජ්‍ය මණ්ඩලයේ නායිකාව ලෙස එළිසබෙත් රැජන ලොව සියලුම නායකයන්ට ආදර්ශයක් ලබාදුන් බව ද එහෙයින් ඇය ලෝකයේ ගෞරවයට පාත්‍ර වන බව ද උන්වහන්සේ ප්‍රකාශ කර සිටිති.

ශ්‍රී ලංකාවේ බි්‍රතාන්‍යය මහ කොමසාරිස් සාරා හල්ටන් (ී්ර් ්‍ය්කඑදබ) මහත්මිය වෙත යොමුකළ එම ශෝක පණිවිඩයේ මෙසේද සඳහන් වෙයි.

දෙවන එළිසබෙත් රැජනගේ අභාවය පිළිබඳව බකිංහැම් මාලිගයේ නිල නිවේදනය ඔස්සේ දැනගැනීමෙන් ශ්‍රී ලාංකීය ජනතාව මහත් ශෝකයට පත්වූහ. කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපාරය ඔස්සේ බොහෝ ගොවීන්ට සහ ඔවුන්ගේ පවුල්වලට නව ජීවන රටාවක් ලැබී තිබෙන බව නොරහසකි. එක්සත් රාජධානියේ පරිත්‍යාගයක් වන වික්ටෝරියා ජලාශය මගින් ජලය සැපයීමත් සමග ඉඩම් හෙක්ටයාර් දහස් ගණනක් කෘෂිකාර්මික වශයෙන් ඵලදායී තත්ත්වයට පත්ව ඇත.

මහා බි්‍රතාන්‍යය සහ ශ්‍රී ලංකාව අතර පවත්නා ද්විපාර්ශ්වික සබඳතාවලට දීර්ඝ ඉතිහාසයක් තිබේ. මහා බි්‍රතාන්‍යය අද පවතින අති නවීන රාජ්‍යයක් ලෙස ගොඩනැංවීමේදී ලබාදුන් දායකත්වය තුළින් මහ රැජනගේ ශ්‍රේෂ්ඨත්වය පිළිබිඹු විය. පොදුරාජ්‍ය මණ්ඩලයේ නායිකාව ලෙස ඇය ලොව සියලුම නායකයන්ට ආදර්ශයක් ලබා දුන්නාය. 1954 දී හා 1981 දී මෙරට කළ සංචාරය අතරතුර ඇය දළදා මාලිගාවට ද පැමිණි අවස්ථා අපගේ මතකයේ තිබේ.

මෙම ශෝකජනක මොහොතේ තුන්වන චාල්ස් රජු ඇතුළු මහා බි්‍රතාන්‍යයේ රාජකීය පවුලේ සාමාජිකයන්ට සහ මහා බි්‍රතාන්‍යයේ වැසියන්ට අපි බලවත් සංවේගය පළ කරමු.

සමන්ති වීරසේකර
 

advertistmentadvertistment
advertistmentadvertistment