ලන්ඩනයේ දුම්රියක් තුළදී යාපනයේ තරුණයකුට පිහියෙන් ඇන මරාදාලා

319

සැකකරුවන් අල්ලා මගීන් පොලිසියට භාරදීලා

යාපනයේ කරෙයිනගර් ප්‍රදේශයේ තරුණයකු ලන්ඩනයේ දී පිහි ඇනුමකින් පෙරේදා (11 දා) ජීවිතක්ෂයට පත්ව තිබේ.

එස්. වින්දන් නමැති වයස අවුරුදු 16ක තරුණයා ලන්ඩනයේ විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලබමින් සිට නිවසට පැමිණෙමින් සිටියදී මෙම සිද්ධිය සිදුව තිබේ.

මෙම තරුණයා විශ්වවිද්‍යාලය හමාර වී දුම්රියෙන් සිය නිවස බලා එමින් සිටියදී නිරිතදිග ලන්ඩනයේ ට්විකන්හැම් ප්‍රදේශයේදී දුම්රියක් තුළ මෙම පිහි ඇනුම සිදුව ඇත.

වහාම ක්‍රියාත්මක වූ දුම්රිය මගීන් පිරිසක් සිසුවාට පිහියෙන් අනින ලද පුද්ගලයන් හතර දෙනෙකු අල්ලා ගෙන ආරක්ෂක නිලධාරීන් වෙත බාර දීමෙන් පසුව එම හතර දෙනාව ට්විකන්හැම් පොලිසිය භාරයට ගෙන තිබේ. මෙම පිහියා ඇනුමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. ලන්ඩනයේ ට්විකන්හැම් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ අරඹා ඇත.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment