කොමිසමේ අනුමැතිය දෙන තෙක් සංශෝධනය ප්‍රසිද්ධ කරන්න බැහැ – හිටපු සභාපති ජනක කියයි

245

මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය හිමිවන තෙක් විදුලි ගාස්තු සංශෝධනය ප්‍රසිද්ධියට පත් කළ නොහැකි යැයි මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතා ‘දිවයින’ට ඊයේ (12 දා) පැවසීය.

මහජන උපයෝගිතා කොමිසමට සභාපතිවරයකු හෝ පත්කර නැතැයි ද, ඉතිරි සාමාජිකයන් සිව්දෙනා පවා විදුලි ගාස්තු සංශෝධනයට අනුමැතිය ලබා දී නොමැති බව ද ඒ මහතා කීය. මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය නොමැතිව විදුලි බිල සංශෝධනය වන ආකාරය ප්‍රසිද්ධ කිරීම කොමිසමේ බලතල අබිබවා බලශක්ති අමාත්‍යාංශය කටයුතු කිරීමක් ලෙස පෙනෙන බව ද ඒ මහතා කීය.

කොමිසම අනුමැතිය නොදීම නිසා රුපියල් බිලියන 37 ක පාඩුවක් සිදුව ඇති බව ප්‍රකාශ කරන බවත් ඒ සම්බන්ධයෙන් තමාගෙන් විමසීමක් සිදු කළහොත් පිළිතුරු ලබාදීමට හැකි බවත් ජනක රත්නායක මහතා වැඩිදුරටත් පැවසීය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment