මේ වසරේ සීනි රසකැවිලි ආනයනය 74% කින් ඉහළට

55

මේ වසරේ (2023) පළමු මාස දහයේදී මෙරටට ආනයනය කළ සීනි හා රසකැවිලි නිෂ්පාදන ප්‍රමාණය සියයට 74.3 කින් වර්ධනය වී ඇත.

මේ අනුව ගිය වසරේ (2022) මුල් මාස දහයේදී මෙරටට ආනයනය කළ ඇමෙරිකානු ඩොලර් මිලියන 206 ක් වූ සීනි හා රසකැවිලි නිෂ්පාදන ප්‍රමාණය මේ වසරේ (2023) පළමු මාස දහයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 359.1 ක් දක්වා වර්ධනය වී ඇත.

එසේම පසුගිය ඔක්තෝබර් මාසයේදී මෙරටට ආනයනය කළ සීනි හා රසකැවිලි ප්‍රමාණය ද ඇමෙරිකානු ඩොලර් මිලියන 43.1 ක් දක්වා සියයට 70 කින් වර්ධනය වී ඇත. ගිය වසරේ (2022) ඔක්තෝබර් මස ආනයනය කළ සීනි හා රස කැවිලි ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 25.4 කි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment