ප්‍රවීණ රංගවේදී සුමින්ද සිරිසේනගේ අවසන් කටයුතු හෙට

150

අභාවප්‍රාප්ත සම්මානනීය ප්‍රවීණ රංගවේදී කලාකීර්ති, සුමින්ද සිරිසේන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (07දා) සවස 5.00 ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරේ.

ඒ මහතාගේ දේහය අවසන් ගෞරවය සඳහා බොරැල්ල පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර ඇත.

දිගු කලක් රෝගාතුරව පසු වූ ඒ මහතා පෞද්ගලික රෝහලකදී පෙරේදා (04 දා) අභාවප්‍රාප්ත වනවිට 75 හැවිරිදි වියේ පසු විය.

වේදිකාව, පුංචි තිරය සහ රිදී තිරය යන මාධ්‍ය ත්‍රිත්වයම සිය ප්‍රතිභාපූර්ණ රංගනයෙන් අතික්‍රමණය කළ සුමින්ද සිරිසේන මහතා අවස්ථා කිහිපයකදීම හොඳම නළුවා ලෙස සම්මාන දිනා ගත්තේය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment