ශ්‍රී ලංකාවේ දුෂ්කර කාලවලදී ඉන්දියාව සංවේදී වුණා – අගමැති මෝදි කියයි

126

ශ්‍රී ලංකාව මුහුණ දුන් දුෂ්කර කාලවලදී ඉන්දියාව එරට අවශ්‍යතා සම්බන්ධයෙන් දැඩි ලෙස සංවේදී වූ බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කර ඇත.

“අපගේ වටිනා අසල්වැසියා වන ශ්‍රී ලංකාවේ ඔවුන්ගේ දුෂ්කර කාලවලදී අපි ඔවුන්ගේ අවශ්‍යතා කෙරෙහි ද ඉතා සංවේදී වී සිටිමු” යනුවෙන් ඉන්දීය ප්‍රවෘත්ති ඒජන්සිය වන ‘පීටීඅයි’ සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අගමැතිවරයා පවසා තිබේ.

ණය අර්බුදයෙන් පෙළෙන අඩු ආදායම්ලාභී රටවලට උපකාර කිරීම සඳහා එළඹෙන ජී 20 සමුළුවේදී එකඟතාවක් ගොඩනැගීමට ඉන්දියාව බලාපොරොත්තු වන බව ද අගමැතිවරයා පවසයි.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment