ශ්‍රී ලංකාවේ පළමු කෘත්‍රිම වෙරළ තීරය පෝට්සිටියේදී ඇරේ

869

ශ්‍රී ලංකාවේ ඉදිවූ පළමු කෘත්‍රිම වෙරළ තීරය මහජනතාව වෙනුවෙන් කොළඹ පෝට්සිටි පරිශ්‍රයේදී පෙරේදා (15 දා) විවෘත කෙරිණි.

ඊයේ (16 දා) සිට මෙම කෘත්‍රිම වෙරළ තීරය නැරඹීම සඳහා මෙරට ජනතාවට නොමිලේ අවස්ථාව හිමිවෙයි.

මෙම කෘත්‍රිම වෙරළ තීරයට අමතරව ඒ ආසන්නයේම දෙස් විදෙස් ආහාරවලින් සමන්විත ආහාර අලෙවි පරිශ්‍රයක් ද මහජනතාව වෙනුවෙන් විවෘත කර ඇත.

කෘත්‍රිම වෙරළ තීරයේ දිය නෑමට සහ ජල ක්‍රීඩා කර විනෝද වීමට දෙස් විදෙස් සැමට අවස්ථාව ද හිමිවේ.

මීට පෙර පෝර්ට්සිටි සංකීර්ණය තුළ ඉදිවූ ඇවිදින මංතීරුව ජනතාවට විවෘත කර තිබිණි.
අකිත පෙරේරා සහ ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්
ඡායාරූපය – තුෂාර අතපත්තු

advertistmentadvertistment
advertistmentadvertistment