පරාජයේ ලෝක වාර්තාව ලංකාවට… එක්දින කි‍්‍රකට් තරග 860 කින් 428 ක් පැරදිලා

455

සත්කාරක එංගලන්තය සමගින් පැවැති දෙවැනි එක්දින කි‍්‍රකට් තරගය කඩුලූ 8කින් පරාජයට පත්වීමත් සමගින් ලෝකයේ වැඩිම එක්දින කි‍්‍රකට් තරග පරාජයට පත්වූ රට බවට ශී‍්‍ර ලංකාව පත්විය. එ් ජාත්‍යන්තර එක්දින කි‍්‍රකට් තරග 428ක් පරාජයට පත්වෙමිනි.
 
 එංගලන්තයේදී පසුගිය 01 වැනිදා නිමාවට පත්වූ තරගයත් සමගින් ජාත්‍යන්තර එක්දින තරග 860කට කී‍්‍රඩා කර ඇති ශී‍්‍ර ලංකාව එහිදී ජයග‍්‍රහණ 390ක් වාර්තා කිරීමට සමත්වී තිබේ. එ් අතර වාරයේ තරග 5ක් ලකුණු සමවීමෙන් නිමාවට පත්වී ඇති අතර විසඳුමකින් තොරව තරග 37ක් නමාවට පත් වෙද්දී තරග 428ක් පරාජයට පත්වන්නට ශී‍්‍ර ලංකා කණ්ඩායමට සිදු වි තිබේ. මීට පෙර වැඩිම ජාත්‍යන්තර එක්දින තරග පරාජයට පත්වී ඇති රට ලෙසින් ඉන්දීය කණ්ඩායම නම්කර තිබූ අතර (පරාජයන් 247* මේ වනවිට ඉන්දීය කණ්ඩායම පසුකර යෑමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත්වී තිබේ.
 
 ඉන්දීය කණ්ඩායම ජාත්‍යන්තර එක්දින තරග 993කදී ජයග‍්‍රහණ 516ක් වාර්තා කිරීමට සමත්වී ඇති අතර ඔවුන්ගේ තරග ජයග‍්‍රහණය කිරීමේ ප‍්‍රතිශතය සියයට 54.67ක් වේ. කේසේ වෙතත් අඩු තරග ගණනකින් වැඩි තරග ප‍්‍රමාණයක් පරාජයට පත්වීම හේතුවෙන් ශී‍්‍ර ලංකා කණ්ඩායමේ එක්දින තරග ජය ගැනීමේ ප‍්‍රතිශතය සියයට 47.69ක් ලෙසින් මේ වනවිට පහත බැස ඇති අතර ජාත්‍යන්තර එක්දින ශ්‍රේණිගත කිරිමේ ලැයිස්තුවේ 09 වැනි ස්ථානය දක්වා පහත බැසීමටද ශී‍්‍ර ලංකාවට සිදුව තිබේ.

වාර්තා තබා පැරදීම

අවසන් වසර 5ක පමණ කාලයක සිට ශී‍්‍ර ලංකා කි‍්‍රකට්
පිළිබඳ අසන්නට ලැබෙන්නේ සතුටුදායක ප‍්‍රවෘත්ති
නොවේ. ගෙවුනු යටගියාවේ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායම
එක්දින, විස්සයි විස්ස සහ ටෙස්ට් කි‍්‍රකට් තරග පරාජයන්
වැළක එල්ලී සිටිද්දී මේ වනවිට ශ්‍රේණිගත කිරීම්වල අඩියටද
වැටී අවසන්වී තිබේ. මේ අතර බංග්ලාදේශයේදී ලද
පූර්ණ තරගාවලි පරාජයෙන් අනතුරුව එංගලන්තයේදී ද
ඊට නොදෙවෙනි අන්ත පරාජයක් ලැබීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට්
කණ්ඩායමට සිදු විය. නවක තේරීම් කමිටුව හරහා ද කි‍්‍රකට්
උපදේශක කමිටුව හරහා ද සුදු ජාතික පුහුණුකරුවන්,
උපදේශකයන් සහ කළමනාකරුවන් හරහා ද මේ රටේ කි‍්‍රකට්
ගොඩගැනීමට බැරි තත්ත්වයක් උදාවී ඇති බවට දැන් දැන්
ප‍්‍රත්‍යක්ෂ වෙමින් තිබේ.

වර්ෂ 1975 ජුනි මාසයේ 07 වැනිදා බටහිර ඉන්දීය කොදෙව්
කණ්ඩායමට එරෙහිව ජාත්‍යන්තර පළමු එක්දින තරගයට කී‍්‍රඩා
කළ ශී‍්‍ර ලංකා කණ්ඩායම ඊටත් වසර 5කට පසු එනම් වර්ෂ
1979 ජුනි මස 16 වැනිදා ඉන්දියාවට එරෙහිව පළමු ජාත්‍යන්තර
එක්දින තරග ජයග‍්‍රහණය වාර්තා කිරීමට සමත් විය. එතැන්
පටන් මේ වනවිට කි‍්‍රයාත්මක වන එංගලන්ත සංචාරයේ දෙවැනි
එක්දින තරගය දක්වා ජාත්‍යන්තර එක්දින කි‍්‍රකට් තරග 860කට
ශී‍්‍ර ලංකා කණ්ඩායම කී‍්‍රඩා කර තිබේ. එහිදී ජයග‍්‍රහණ 392ක්
වාර්තා කිරීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත් වෙද්දී පරාජයන්
428ක අමිහිරි අත්දැකීම් ලැබීමටද ශ‍්‍රී ලංකා කණ්ඩායමට සිදුවී
තිබේ. එ් අනුව ලෝකයේ වැඩිම එක්දින තරග සංඛ්‍යාවක්
පරාජයට පත්වූ රට බවට ශී‍්‍ර ලංකාව ලෝක වාර්තා පොතට මේ
වනවිට එක්ව තිබේ. කරුණු එසේ වෙද්දී ජාත්‍යන්තර එක්දින
තරග ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ 09 වැනි ස්ථානය දක්වාද
විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ 08 වැනි ස්ථානය
දක්වාද පහළට වැටීමට ශී‍්‍ර ලංකා කණ්ඩායමට සිදුව තිබේ.

ශී‍්‍ර ලංකාව අවසන් වරට සහභාගි වූ විස්සයි විස්ස තරග
6ක් එක දිගටම ඇප නැති වෙන්නට පරාජයට පත්විය. බටහිර
ඉන්දීය කොදෙව්වන් හමුවේ විස්සයි විස්ස තරග 3ම පරාජයට
පත්වූ ශී‍්‍ර ලංකාව එංගලන්තය හමුවේද තරග 3ම පරාජයට
පත්විය. අවසන් එක්දින තරග 7කින් ශී‍්‍ර ලංකාව ජය ගැනීමට
සමත්ව ඇත්තේ එක් තරගයක් පමණි. විස්සයි විස්ස ලෝක
කුසලාන තරගාවලියක් අත ළඟටම පැමිණ තිබියදී ශී‍්‍ර ලංකා
තේරීම් කමිටුව සමග ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය තවමත්
නිවැරදි කණ්ඩායමක් ස්ථාපිත කිරීමේ පරීක්ෂණ සිදුකරමින්
සිටී. ප‍්‍රමෝද්‍ය වික‍්‍රමසිංහ ඇතුළු නවක තේරීම් කමිටුව විසින්
ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, දිමුත් කරුණාරත්න,
සුරංග ලක්මාල් සහ ලසිත් මාලිංග ඉවත් කර විස්සයි විස්ස
පිටියේදී ලකුණු 180-200ක් හඹා යා හැකි කණ්ඩායමක් නම්
කළේය. එක්දින පිටියේ ලකුණු 280-300ක් හඹා යා හැකි
කණ්ඩායමක් නම් කළේය. අහෝ දුකකි.. එවන් විස්සයි විස්ස
කණ්ඩායම අද එංගලන්තය ඉදිරියේ ලකුණු 150ක් තියා ලකුණු
100ක් හෝ ගහන්නට බැරිව තටමනවා අප දැක්කේය. එවන්
එක්දින කණ්ඩායම බංග්ලාදේශය ඉදිරියේ ලකුණු 250ක් හඹා යා
නොහැකිව තටමනවාද අපි දුටුවෙමි.

පිතිකරුවෙකු ලෙස කෙතරම් අසාර්ථක වීද ශී‍්‍ර ලංකා කි‍්‍රකට්වල
අනාගතය යැයි කියමින් තේරීම් කමිටුවේ මෙන්ම පුහුණුකරු
මිකී ආතර්ගේ තල්ලූවෙන් ශී‍්‍ර ලංකා කණ්ඩායමේ උපනායකයා
ලෙසින් පත්වූ කුසල් මෙන්ඩිස් මෙන්ම නිරෝෂන් දික්වැල්ල
සහ ධනුෂ්ක ගුණතිලක අද වන විට ශී‍්‍ර ලංකාවේ අභිමානය අමු
අමුවේ කෙලෙසා හමාරය. එංගලන්තයට එරෙහිව පැවැති විස්සයි
විස්ස තරගාවලිය 3-0ක් ලෙස ලැබූ අන්ත පරාජයකින් අනතුරුව
එක්දින තරගාවලිය කෙසේ හෝ ජයග‍්‍රහණය කරන්න සැළසුම්
සකස් කරනවා වෙනුවට අදාළ කී‍්‍රඩකයින් තිදෙනා එංගලන්තයේ
වීථි දිගේ බීමතින් ඉබාගාතේ ඇවිද යන විඞීයෝවක් සමාජ
ගතවීමෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට්හි නිරුවත මුළු ලොවටම ප‍්‍රදර්ශනය
වූවේය.

කුසල් මෙන්ඩිස් දිගින් දිගටම අසාර්ථක වෙද්දී පසුගිය
කොදෙව් තරගාවලියේදී ඔහු කණ්ඩායමෙන් ඉවත් කර තැබීය.
අනතුරුව පැවැති පළමු පෙළ තරග දෙකකදී ලකුණු වාර්තා කළා
යැයි කියමින් කණ්ඩායමේ උපනායක ධුරයත් ලබා දෙමින් නැවත
කණ්ඩායමට කැඳවීය. ඔහු නිමා වූ විස්සයි විස්ස තරග තුනේදීම
ලකුණු 54ක් පමණක් වාර්තා කළේය. නිරෝෂන් දික්වැල්ල
අවසන් තරග දෙකේදීම ලකුණු 14ක් වාර්තා කළේය. ධනුෂ්ක
ගුණතිලක අවසන් විස්සයි විස්ස තරග තුනදී ලකුණු 26ක් වාර්තා
කර තිබේ.

කෙසේ වෙතත් එංගලන්තයේදී ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන්ගේ
නොමනා කි‍්‍රයා කලාපය වීඩියෝගත කළ පුද්ගලයාට පින්
සිදුවන්නට කුසල් මෙන්ඩිස්ට කණ්ඩායමේ ස්ථානය අහිමිවී
ගියේය. එ් හේතුවෙන් නිමා වූ එංගලන්ත දෙවැනි එක්දින
තරගයේදී ධනංජය ද සිල්වාට පිතිකරණ ලැයිස්තුවේ ප‍්‍රමෝෂන්
එක්ක ලැබුණේය. එම තරගයේදී මුළු ලකුණු 21කට ශී‍්‍ර ලංකා
ඉනිමේ කඩුලූ 4ක් බිඳ වැටී තිබියදී එංගලන්ත පන්දු යවන්නන්
තුට්ටුවකට මායිම් නොකළ ඔහු පන්දු 91කදී ලකුණු 91ක් වාර්තා
කරන්නේ හතරේ පහර 13ක් සමගිනි. නිමාවුණු විස්සයි විස්ස
අවසන් තරගයේදී ශී‍්‍ර ලංකා පිතිකරුවෝ 11 දෙනකුම එල්ල කර
තිබුණේ හතරේ පහර 4ක් පමණි.

කි‍්‍රකට් පරිපාලනය කෙසේ වීද පිටිය මැදට ගොස් කී‍්‍රඩා කරන්නේ මේ රටේ මිලියන 22කින් තෝරා යැවූ හොඳම කි‍්‍රකට්
කී‍්‍රඩකයින් 11 දෙනාය. ඔවුන් පිටිය මැදට ගොස් කරන්නේ කුමක්දැයි
බලා සිටින්නේ මේ රටේ එම මිලියන විසි දෙකක කී‍්‍රඩා ලෝලීන්
පමණක්ම නොවේ. ප‍්‍රතිවාදී රටේ පේ‍්‍රක්ෂකයෝද ඊට ඇතුළත්ය.
අද වනවිට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පේ‍්‍රක්ෂකයින් යනු ලෝකයේ අහිසංකම
පේ‍්‍රක්ෂක පිරිසකි. ඔවුන්ට කි‍්‍රකට්වලින් සැනසීමට තරගාවලි
ජයග‍්‍රහණයක්ම අවශ්‍ය නැත. තරගාවලියක් අන්තෙටම පැරදී සිටියදී
අපේ රටේ පිතිකරුවෙකුගේ
ශතකයකින්, පන්දු යවන්නෙකුගේ දක්ෂ කඩුලූ බිඳ දැමීමකින්
නැතිනම් පිට පිටම ගසනා හයේ හතරේ පරකින් හෝ අපේ
රටේ කී‍්‍රඩා ලෝලීන් සිත සනසා ගැනීමට පුරුදු වී සිටිති. එහෙත්
කනගාටුවට කරුණ නම් එවන් සැනසීමක් හෝ මේ රටේ
කි‍්‍රකට් ලෝලීන් වෙත ලබා දීමට වර්තමාන ශී‍්‍ර ලංකා කණ්ඩායම
අපොහොසත්වීමය.

මේ රටේ කි‍්‍රකට්වලට තමාගේ ජීවිතයම කැප කළ රත්තරන්
කී‍්‍රඩකයින් පිරිසක් අපේ ඉතිහාසයේ සිටිති. මේ රටේ කි‍්‍රකට්
ගොඩ ගැනීමට නම් ලොකු ලොකු දේවල් කිරීමට අවශ්‍ය නැත.
ජාත්‍යන්තර තරග 10ක් වත් කී‍්‍රඩා කර නැති පරිපාලකයින් අයින් කර
එ් කි‍්‍රකට් විරුවන්ට මේ කි‍්‍රකට් එක භාර දීමය. උදාහරණයක් විදිහට
මේ දිනවල රසල් ආර්නල්ඞ්ගේ පෞද්ගලික යූ ටියුබ් චැනලයක්
හරහා සනත් ජයසූරිය, ටී. එම්. ඩිල්ශාන්, නුවන් කුලසේකර, ලසිත්
මාලිංග, උපුල් තරංග වැනි ජ්‍යෙෂ්ඨයෝ අදහස් දක්වමින් සිටිති. මේ
රටේ කි‍්‍රකට් ගොඩදානවා නම් එ් උපදෙස් ටිකද ප‍්‍රමාණවත්ය. එහෙත්
මේ රටේ කි‍්‍රකට් පරිපාලනය වැඩ කරන්නේ අඳුරේ අතපත ගාමින්ය.
ඔවුන්ට ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයින්ගේ උපදෙස් ගැනීම මදිකමකි. සුද්දෙක්
පමණක් දෙන ඕනෑම උපදෙසක් හිස් මුදුනින් පිළිගන්නා කි‍්‍රකට්
පාලකයින් මහේලට මේ රටේ පුහුණුකාර ධුරයක් දීමට කැමති නැත.
රංගන හේරත් බංග්ලාදේශයට ගියේද මේ හේතුව නිසාය.
කසුන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment