මාරක ළිඳ කඩා වැටී කන්තලේ සැරයන් මරුට

539

කන්තලේ භාතියගම ක්‍රීඩාංගණයේ පැවැති සැණකෙළියක් අතරතුර මාරක ළිඳේ කොටසක් කඩාවැටී එහි රාජකාරියේ නිරතව සිටි පොලිස් සාජන්වරයෙකු පෙරේදා (20 දා) අලුයම මියගොස් ඇතැයි කන්තලේ පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ පොලිස් ස්ථානයේ ප්‍රජා පොලිස් ඒකකයේ සේවය කරන කන්තලේ, ලයිට් පාරේ පදිංචි ජානක සංජීව (46) නමැති දෙදරු පියෙකි. ඇසළ සැණකෙළිය අවසානයේ කුඩා හිමිවරුන් දෙදෙනකු හා සහාය දැක්වූ පොලිස් නිලධාරීන් අවසාන වතාවට සංදර්ශනය නරඹමින් සිටිය දී මෙම අවාසනාවන්ත සිදුවීම සිදුවී ඇති බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් කන්තලේ වැඩබලන පොලිස් අධිකාරී කේ. එම්. එස්. ඩී. කරුණාරත්න මහතාගේ නියෝග මත මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ. ඩබ්. එල්. වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

කන්තලේ – ඩබ්. එම්. වික්‍රමසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment