සාන්ත තෝමස් – රාජකීය නිල් මහා සටන මාර්තු මස මුල

70

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ කොළඹ රාජකීය විදුහල අතර වාර්ෂික ක්‍රිකට් සටන හෙවත් නිල් මහා සටන මාර්තු මස 07, 08 සහ 09 යන දිනවල කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ඊට සමගාමීව මස්ටෑන්ග් කුසලාන වෙනුවෙන් පැවැත්වෙන පන්දු වාර 50 තරගය මාර්තු මස 16 වැනිදා පැවැත්වේ. සාන්ත තෝමස් සහ රාජකීය විද්‍යාලය අතර නිල් මහා සටන මෙවර පැවැත්වෙන්නේ 145 වැනි වතාවටය.

මෙම තරඟයේදී රාජකීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායමේ නායක සිනෙත් ජයවර්ධනට පැවරී තිබේ. ශාන්ත තෝමස් නායකත්වය මහිත් පෙරේරා විසින් දරනු ලබයි.

advertistmentadvertistment
advertistmentadvertistment