හිටපු ජතික ජිම්නාස්ටික් පුහුණුකරු මර්වින් මෙන්ඩිස් අද නික්ම යයි

328

පාසල් වියේ සිටම ක්‍රීඩාවට සහ අධ්‍යාපනයට මනා සුරුකමක් දැක්වූ මිනුවන්ගොඩ පදිංචිව සිටි විශ්‍රාමික ගුරු භවතෙකු මෙන්ම හිටපු ජාතික ජිම්නාස්ටික් පුහුණුකරු වූ හිද්දාදුර එඩ්වින්සන් මර්වින් මෙන්ඩිස් මහතා වසර 77 ක් ආයු වළඳා පසුගිය 15 වන දින අභාවප්‍රාප්ත වූයේය.

මිනුවන්ගොඩ නාලන්දා විiාලයෙන් මූලික සහ ද්විතියික අධ්‍යාපනය නිමාකරන මර්වින් මෙන්ඩිස් මහතා විශ්වවිiාල අධ්‍යාපනය සඳහා පේරාදෙණිය විශ්වවිiාලයට සුදුසුකම් ලබන්නේ එකල මිනුවන්ගොඩ වැනි ප්‍රදේශයකින් ඒ සඳහා සුදුසුකම් ලැබීමට ඇති අවස්ථා අවම කාලයකයි.

කිතුණුවකු වුවත් ඔහු පළමු පත්වීම ලබන්නේ බොදු පිරිවෙනකටයි. එහිදී ඉගැන්වූ විෂයන් වූයේ සිංහල සහ පාලියි. ඒ සඳහා විශ්වවිiාලයෙන් ලද පරිචය ඔහුට මහෝපකාරී විය. ඒ අතරම ආර්ථික විiා විෂය උගන්වන දේශකයෙක් ලෙසද කටයුතු කරන්නට පටන් ගත්තේය. මර්වින් මෙන්ඩිස් ගුරු භවතා මීගමුව මාරිස්ටෙලා විiාලයේ ගුරු මණ්ඩලයට එකතු වන්නේ වර්ෂ 1977 දීයි. එතැන් පටන් අඛණ්ඩව වසර 29 ක සේවා කාලයකින් පසුව ඉසිඹු ලබන්නේ වර්ෂ 2006 දීය.

මර්වින් මෙන්ඩිස් මහතා නිර්දේශිත විෂයයන් උගන්වන ගුර භවතෙකු පමණක් නොව විෂය බාහිර අධ්‍යාපනයටද මහත් හැකියාවක් දැක්වූවෙකි. පාසල් සමයේදී උනන්දු වූ ජිම්නාස්ටික් ක්‍රීඩාව විශ්වවිiාල දිවියේදී ඔපමට්ටම් කරගත් ඔහු ලංකාවේ අති දක්‍ෂ ජිම්නාස්ටික් ශූරයෙක් ලෙස නමක් දිනා සිටියේය. ගුරු වෘත්තියට අමතරව ඒ මග ගිය ඒ මහතාගේ අවසාන නැවතුම වූයේ ශ්‍රී ජාතික කනිෂ්ඨ ජිම්නාස්ටික් පුහුණුකරු මෙන්ම ශ්‍රී ලංකා ජාතික ජ්‍යෙෂ්ඨ ජිම්නාස්ටික් පුහුණුකරු යන තනතුරු දෙකෙන්ම පිදුම් ලැබීමයි. ජාතික ජිම්නාස්ටික් පුහුණුකරු ලෙස පොදු රාජ්‍ය මාණ්ඩලික උළෙලයන් පවා නියෝජනය කළ මර්වින් මෙන්ඩිස් මහතාගේ ගුරු හරුකම් යටතේ ක්‍රීඩා කළ ක්‍රීඩකයන් දෙස් විදෙස් සම්මාන දිනා තිබේ.

2006 වසරේ මාරිස්ටෙලා විiාලයෙන් ඉසිඹු ලැබීමෙන් අනතුරුව ජිම්නාස්ටික් ක්‍රීඩාවට ඇති ලැදියාව නිසාම මිනුවන්ගොඩ රෙජි රණතුංග විiාලය, නාලන්දා විiාලය, මීගමුව නිවුස්ටඩ් බාලිකා විiාලය, හරිස්චන්ද්‍ර විiාලය, හලාවත ශාන්ත මරියා විiාලය වැනි විiාලයන්හි ජිම්නාස්ටික් පුහුණුකරු ලෙස වර්ෂ 2020 පමණ වනතෙක් විශාල කාර්ය භාරයක් ඉටුකරනු ලැබීය.

ඔහුගේ පුහුණුවීම යටතේ තරග වැදුන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1984 ජාතික ශූරතාවය ඇතුළු ජාතික තලයේ ශූරතා ගණනාවක්ම හිමිකර ගැනීමට සමත් වූයේය. විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනියක වූ ලංකා ප්‍රනාන්දු මහත්මිය හා විවාහව සිටි ඒ මහතා සචිත සහ චාලුක නමින් පුතුන් දෙදෙනකුගේ ආදරණීය පියෙකි. සචිත දැනට උතුරු කොළඹ ශික්‍ෂණ රෝහලේ ශල්‍ය වෛiවරයකු ලෙස සේවය කරන අතර බාල පුත් චාලුක ශ්‍රී ලංකා නාවුක හමුදාවේ වාකරේ දෙවන අණදෙන නිලධාරියා ලෙස කටයුතු කරනු ලැබුවේය. මුනුබුරු මිනිබිරියන් හතර දෙනකුගේ ආදරණීය සීයා කෙනකු වූ මර්වින් මෙන්ඩිස් මහතාගේ දේහය මේ වන විට අංක 55, පන්සිල්ගොඩ, මිනුවන්ගොඩ ලිපිනයේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද 18 වන දින සවස 4.00ට බුරුලපිටිය ශාන්ත ඌගෝ මුනිතුමාගේ දේවස්ථාන සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.

අජිත් මෙන්ඩිස්

advertistmentadvertistment
advertistmentadvertistment