ජීවිත බේරා ගැනීමට යුක්රේනය ආයුධ ඉල්ලයි

647

යුක්රේනය ආක‍්‍රමණය කර සිටින රුසියානු හමුදාවන්ට එරෙහිව සටන් වැදි ජනතාවගේ ජීවිත බේරා ගැනීම සඳහා වැඩි වශයෙන් අවි ආයුධ සපයන ලෙස යුක්රේන විදේශ කටයුතු ඇමැති ද්මිත්රෝ කුලේබා උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් නේටෝ සංවිධානයට අයත් රටවලින් ඉල්ලීම් කර තිබේ.

නේටෝ සංවිධානයට අයත් රටවල විදේශ කටයුතු ඇමැතිවරුන් මුණ ගැසී ජනතාවගේ ජීවිත බේරා ගැනීම සඳහා අවශ්‍ය අවි ආයුධ ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට පෙර යුක්රේන විදේශ ඇමැතිවරයා පවසා ඇත්තේ සිය න්‍යාය පත‍්‍රය ඉතා සරල වන අතර රුසියාව පරාජයට පත් කරලිය හැකි හොඳම ක‍්‍රමය වනුයේ වැඩියෙන් යුද ආධාර ලබා ගැනීම බවයි. ප‍්‍රමාණවත් අවි ආයුධ සැපයුමක් නොමැති වුවහොත් යුක්රේන හමුදාවන්ට ජය ලබා ගත හැකි වනුයේ දැඩි කැපවීම් හරහාය. ‘‘අපට වැඩි අවි ආයුධ ප‍්‍රමාණයක් ඉක්මනින් ලැබෙන්නේ නම් වැඩි මිනිස් ජීවිත, නගර හා ප‍්‍රදේශ සංඛ්‍යාවක් විනාශ නොවී බේරා ගත හැකි වනු ඇත’’ යනුවෙන් ඔහු පවසා තිබේ. නැගෙනහිර යුක්රේනයට රුසියානු හමුදා විසින් එල්ල කරනු ඇතැයි අපේක්ෂා කරන ප‍්‍රහාරවලට මුහුණ දීම සඳහා යුක්රේනය ආයුධවලින් කෙසේ සන්නද්ධ කළ යුතුද යන්න සම්බන්ධයෙන් ඊයේ (07දා) බෙල්ජියමේ බ‍්‍රසල්ස් නගරයේ දී ඇරඹි නේටෝ සංවිධානයේ විදේශ ඇමැතිවරුන්ගේ සමුළුවේදී සාකච්ජා කෙරෙන බව විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර තිබිණි.

සංස්කරණය
ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment